වැඩිහිටියන් ළමයින්ට ඔවුන්ගේ ලෝකය ලබාදී තිබේ ද විමසා බැලිය යුතුයි
- Details
- Created on Saturday, 06 October 2012 10:33
- Hits: 72
වැඩිහිටියන් ළමයින්ට ඔවුන්ගේ ලෝකය ලබාදී තිබේ ද යන්න විමසා බැලිය යුතු කරුණක් බව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් සුදන්ත ඒකනායක මහතා පවසයි.
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ජාතික ළමා ලේකම් ළමා කාර්යාලය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය එක්ව සංවිධානය කොට එම ලේකම් කාර්යාලයේ පැවැත්වුණු ළමා ආරක්ෂාව හා රැකවරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් ඒකනායක මහතා මේ බව පැවසීය.
2012 ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැති මෙහි තේමාව "ළමා ලෝකය ළමයින්ටයි" යන්නයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා, වත්මන් පවතින අධ්‍යාපන ක්‍රමයම කුඩා දරුවන්ටත්, වැඩිහිටි දරුවන්ටත් ඔවුන්ගේ ලෝකය අහිමි කෙරෙන ලෙස කටයුතු කොට ඇති බවත්, පවතින තරගකාරී අධ්‍යාපනය ළමයින්ට විශාල බර පැටවීමක් බවත්, ඒ පිළිබඳව පවතින විවිධ මතවාද ඔස්සේ වුවද වැඩිහිටියන් වශයෙන් එය දීර්ඝ ලෙස සාකච්ඡා කළ යුතු කරුණක් බවත්, මෙම අධ්‍යාපන ක්‍රමය මඟින් සැබෑ ළමා ලෝකය ඔවුන්ට ලැබී තිබේද යන්න සැක සහිත බවත් කියා සිටියේ ය.
වැඩසටහන අවසානයේ දී සහභාගී වී සිටි ළමුන්ට ත්‍යාග පිරිනැමීමට ද කටයුතු යොදා තිබිණ.
MP/WK_dmu_polonnaruwa