මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම සහන අරුණ - නොපැතූ මොහොතක පීදෙන කහවණු අස්වැන්න

    සැප්තැම්බර් 02, 2014
    රටපුරා දිවි නැගුම ප්‍රජාමූල බැංකු 1,073කදී අද (සැප්තැම්බර් 01) උත්සවාකාරයෙන් ආරම්භ කළ දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමයට ඉහළ ම ප්‍රතිචාරයක් දිවි නැගුම ප්‍රතිලාභීන් ගෙන් හිමි වූ අතර දහස් ගණනක් අද අසුරු සැනින් අතට මුදල් ලබාගෙන අතිමහත් ලෙස ප්‍රතිලාභ ලබාගැනීමට සමත් වූහ.
     
    දහස් ගණන් දිවි නැගුම ප්‍රතිලාභීන්ට ඇපකරුවන්, වයස් සීමාවක්, බැඳුම්කර සහ අමතර ලියකියවිලි නොමැතිව කඩිනම්ව ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකි වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමය යටතේය. දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණක් වූයේ දිළිඳුබව තුරන් කිරීම සඳහා ජනතාව සවිබල ගැන්වීමට ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය. එයට අමතරව හදිසි සහ පාරිභෝගික අවශ්‍යතාවන් සහ ණය මුදලක් පියවීම සඳහාද මේ යටතේ රුපියල් 5,000 සිට රුපියල් 50,000 දක්වා මුදල් ලබා ගත හැකිය.
     
    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 327ක අද දවස පුරා පැවති සමාරම්භක උත්සවයන්ට දිවි නැගුම ප්‍රතිලාභීන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් එක්ව සිටියහ. දිවයිනේ ග්‍රාමසේවා වසම් 14,022ක පිහිටි ගම්මාන 35,440ක ජීවත්වන දිවි නැගුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 27ක් මෙම සහන අරුණ යෝජනා ක්‍රමයට සුදුසුකම් ලබා තිබෙන අතර වාර්ෂික පොලිය සියයට 04ක් වන අතර වසරකට පසු වාරික 24කින් එම මුදල් යළි ගෙවිය යුතු වේ. බදුල්ල, මාතලේ, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි පමණක් අද නිකුත් කළ ණය ප්‍රමාණය රුපියල් දසලක්ෂ 81කි.01. Horana Divi Neguma Bank
     
    ගමේ මුදල්, ගම තුළම ආයෝජනය කිරීමේ අරමුණින් මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර ඇතැම් ජනතාව වැඩි පොලියට මූල්‍ය සංවිධාන සහ ආයතන මගින් අධික පොලී අනුපාත යටතේ ණය ලබාගෙන ණය බරින් මිරිකී සිටින බවත් ඔවුනට එම ණය බරින් මිදීමටද මෙම ණය ලබාගත හැකි බවද ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 
     
    යෝජනා ක්‍රමයට එක් වූ දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවගුරුළුකැලේ ඒ.ජී. රණසිංහ මහතා ප්‍රකාශ කළේ ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා මූලික උපකරණ මිලදී ගැනීමට තමා රුපියල් 50,000ක් ඉල්ලුම් කළ අතර එය ඉක්මනින් ම ලැබුණු බවය. බදුල්ල කන්දකැටියේ මල්කාන්ති වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ රුපියල් 30,000ක මුදලක් අසුරු සැනින් ලැබුණු අතර එය වෙනත් සංවිධානයකින් ලබාගත් ණය මුදලක් පියවීමට යොදන බවය. තමා එම ණය මුදල ලබාගත්තේ මසකට සියයට 07ක් එනම් වාර්ෂිකව සියයට 84ක පොලියට බවද දිවි නැගුම සහන අරුණ යටතේ වාර්ෂිකව ගෙවිය යුත්තේ සියයට 4ක් බවද ඇය අවධාරණය කළාය.
     
    පොල්ගස්ඕවිට නිශාන්ත කිත්සිරි (37) මහතා ප්‍රකාශ කළේ තමා ලබාගත් රුපියල් 50,000 සඳහා අමතර ලියකියවිලි අවශ්‍ය නො වූ අතර එය පැය කිහිපයකින් ලබාගත් බවද නිමි ඇඳුම් කර්මාන්තය වැඩි දියුණු කිරීමට එය යොදවන බවත්ය. ගාල්ල අක්මීමන ඩබ්ලිව් සුදර්මා (47) මහත්මිය පෙන්වා දුන්නේ 50,000 ණය මුදල සිල්ලර කඩේ වැඩි දියුණුවට යොදවන අතර මාසයකට සියයට දශම 3ක ඉතා සුළු පොලියක් වැනි ඇදහිය නොහැකි සහනයක් බවය.
     
    ඉහළ කෝරලේ මල්වත්තගම පී.ජී. ශ්‍රියාණි (41) මහත්මිය කියා සිටියේ මල් කර්මාන්තය වැඩිදියුණු කිරීම සඳහා 50,000 ණයක් ක්ෂණිකව ලබාගත් අතර ඒ සඳහා අමතර ලියකියවිලි, බැඳුම්කර නොමැතිවීම දිවි නැගුම ප්‍රතිලාභීන්ට හිමි වූ සුවිශේෂි වරප්‍රසාදයක් බවය. 
     
    මාතර වැලිගම රෝහණ ජයනන්ද (34) මහතා කියා සිටියේ ධීවර වෘත්තියේ යෙදෙන තමා ලබාගත් රුපියල් 40,000ක මත්ස්‍ය අලෙවිකරණය  වැඩි දියුණු කිරීම සඳහා යොදවන බවය. 
     
    පාරිභෝගික අවශ්‍යතාවන් සහ හදිසි අවශ්‍යතාවන් සඳහා ද යෝජනා ක්‍රමයට එක්වූවන් පිරිසක් ද මෙහිදී දක්නට ලැබිණි.13. Uva Paranagama   Divi Neguma Bank
     
    මෙම යෝජනා ක්‍රමයට දායකවූ ප්‍රතිලාභීන් අතර කෘෂි, පශු සම්පත්, ධීවර, ගෘහ ආර්ථික යන අංශ 4 ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතින් සඳහා ණය ලබාගත් අය බොහෝ වූහ. දිවි නැගුම සහන අරුණ යෝජනා ක්‍රමයට දිවි නැගුම ප්‍රතිලාභීන්හට එක්විය හැකි අතර ඒ පිළිබඳව වැඩි විස්තර ළඟම ඇති දිවි නැගුම ප්‍රජා මූල බැංකුවෙන් විමසිය හැකිය.
     
    මාධ්‍ය අංශය
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya