අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලස්‌සනය, පියකරුය, මනහරය කොළොම්පුර බැස්ටියන් මංපෙත

    අගෝස්තු 22, 2014
    ජනාකීර්ණ වූ ඝෝෂාකාරී වූ එමෙන්ම අපවිත්‍රව තිබූ කොළඹ නගරය එදා නෙතට සිතට ගෙන දුන්නේ අප්‍රසන්න හැඟීමකි. එහෙත් අද වන විට එය වෙනස් වී තිබේ. එදා කොළඹ පාරක් පාරක් ගානේ තිබූ අප්‍රසන්න හැඟීම අද යටපත් වී ඇත. ඒ යුද්ධයේ අඳුරු නිමාවත් සමඟ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ කොළඹ සංචාරක කේන්ද්‍රස්ථානයක් කරන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
     
    කුරිරු යුද්ධයේ නිමාවත් සමඟින් ආරම්භ වු දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමය හරහා නගර සංවර්ධන පද්ධතිය ද විධිමත් ලෙස සංවර්ධන මාවතකට අවතීර්ණ විය. සීමිත භූමි ප්‍රමාණය උපරිම ප්‍රයෝජන ලබාගත හැකි ලෙස විධිමත් ආයෝජනයක් ද සමගින් කොළඹ නගරය නවීකරණය මෙන් ම ආකර්ෂණීය ලෙස වෙනස් වූ ආශ්චර්යවත් පරිසරයක් බවට පත්වෙමින් පවතී. 
     
    කොළඹ පිටකොටුව ප්‍රදේශය අනවසර වෙළෙඳසැල්වලින් ගහණ වු හා අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් රථවාහන තදබදයක් පැවැති නගරයකි. නගර වැසියන්ට පමණක් නො ව දුරබැහැර පළාත්වලින් නගරයට පැමිණෙන ජනයාට නිදහසේ ඔබමොබ යෑමට අපහසුතා ගෙන දෙන ආකාරයේ වාණිජ පරිසරයක් පැවතිණි. 20140615 01p2
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අනුග්‍රහයෙන් නාගරික සංවර්ධන අධිකාරිය, කොටුව හා පිටකොටුව ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් අනවසර වෙළෙඳසැල් වෙනුවට සැලසුම්ගත ආකාරයට නවීන වෙළෙඳ සංකීර්ණ ඉදිකරමින් පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති ආරම්භ කරන්නේ ඊට පිළියමක් ලෙසිනි.
     
    එලෙස නගර සංවර්ධන ව්‍යාපෘතීන් අතර කොළඹ කොටුව බැස්ටියන් මාවතේ ඉදිකොට ඇති දියමත පාවෙන වෙළෙඳ‍පොළ තවත් දැවැන්ත නිර්මාණශීලී ව්‍යාපෘතියකි. කොටුව, පිටකොටුව ප්‍රධාන දුම්රියපොළ හා මධ්‍යම බස් නැවතුම්පොළ ආශ්‍රිත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම නව වෙළෙඳපොළ ඉදිකර තිබේ. 
     
    ‘වෙනස්‌ වන කොළඹ’ නගර සැලැස්‌මට අනුව පිටකොටුව බැස්‌ටියන් මාවතේ බේරේ වැව කේන්ද්‍ර කරගෙන මෙම පාවෙන වෙළෙඳපොළ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ වන්නේ පසුගිය වසරේ මාර්තුවේදීය. 
     
    අක්කර 6.5ක භූමි ප්‍රමාණයක් පුරා පිහිටා ඇති මෙහි කඩ කාමර 92කි. මෙම ඉදිකිරීම් සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව විසින් ශ්‍රම දායකත්වය ලබා දෙනු ලැබ ඇත.
     
    maxresdefaultසංචාරක ආකර්ෂණයක් ඇතිවන ආකාරයෙන් නිර්මාණය කරනු ලැබ ඇති මෙහි දේශීය නිෂ්පාදන අලෙවිසැල්, පලතුරු වෙළෙඳසැල්, සනීපාරක්ෂක අවහන්හල් පහසුකම් හා රථගාල් සහිතව නාගරික හරිත උද්‍යානයක් ලෙස මෙම වෙළෙඳ සංකීර්ණයක් කොළඹ නගරයට නවමු අත්දැකීමක් එක්කරනු ඇත.
     
    පෙරදා නාස්‌ අත්ලෙන් තද කරගෙන කොළඹ මාවත් දිගේ ඇවිද ගිය මිනිස්‌සු අද දෑස් දල්වාගෙන හමන සුළං පහස ගත පුරා විඳගන්නාහ. හැඩ වෙන පරිසරය රිසි සේ දෑසින් විඳින්නාහ. 
     
    පාවෙන වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පැවරීමෙන් අනතුරුව නෙත් සිත් වසඟයට පත් කරන මනස්‌කාන්ත පරිසරයක්‌ බවට පත් වන්නේය.  අද (22) ජනතා අයිතියට පැවරෙන මෙම පාවෙන වෙළෙඳසැල් (Floating Market) නිසා කොළොම්පුර තවතවත් ලස්‌සනය, පියකරුය, මනහරය. 
     
    - දිල්හාරි බණ්ඩාර -
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya