මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “උත්තමාභිවන්දනා” ජාතික මහෝත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

    මාර්තු 02, 2017

    මවුබිමේ ස්වාධීනත්වය හා නිදහස උදෙසා අභීතව නැගී සිටිමින් ඓතිහාසික අරගලවලට පණ පෙවීම වරදක් සේ සලකා අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ අභීත පුත‍්‍රයන් අසූ දෙදෙනෙකු සැබෑ දේශපේ‍්‍රමීන් ලෙස යළි වීරත්වයට පත් කිරීමේ නිල ගැසට් පත‍්‍රයට (01) දින පස්වරුවේ මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් අත්සන් තැබීය.

    දේශයේ නිදහස හා ස්වෛරීත්වය වෙනුවෙන් අරගල කිරීම හේතුවෙන් අධිරාජ්‍යවාදීන් විසින් දේශද්‍රෝහීන් ලෙස ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කළ විරුවන් එම අවමන් සහගත නාමකරණයෙන් මුදාලීම ජාතික වගකීමක්ව පැවතිය ද වසර දෙසීයකට ආසන්න කාලයක් පුරා එම වගකීම ඉටු කිරීම අතපසු විය.

    ඒ අනුව මෙම වසරේ මාර්තු 02 වන දිනට උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් වර්ෂ 202 ක් සම්පූර්ණ වීම නිමිති කරගනිමින් එම විරුවන්ට නිසි ගෞරවයක් පුද කිරීම වෙනුවෙන් මෙම ඓතිහාසික ගැසට් පත‍්‍රයට ජනාධිපතිතුමා විසින් අත්සන් තැබීය.

    උත්තමාභිවන්දනා නමින් නම් කර තිබූ මෙම ජාතික මහෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ඉතිහාසයේ ශෝකජනක සහ ඛේදජනක වරදක් නිවැරදි කළ අද දිනය ශී‍්‍ර ලාංකීක සිංහල බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක් බවයි.

    මීට පෙර සිදුකළයුතුව තිබූ කාර්යයක් අද දින සිදු කිරීමට ලැබීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිතුමා එදා නිදහස් අරගලයේදී මාතෘ භූමිය වෙනුවෙන් නැගී සිටී අභීත පුත‍්‍රයින් මෙන්ම වසර 30 ක කුරිරු ත‍්‍රස්තවාදය හමුවේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු වීරෝදාර රණවිරුවන් ද අප ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතු බව ප‍්‍රකාශ කළේය.

    උඩරට ගැමි පුනරුත්ථාපන කොමිසම පසුගිය කාල සීමාව තුළ අහෝසි කර තිබීම හේතුවෙන් උඩරට ප‍්‍රදේශයේ සංවර්ධනයේ පසුබෑමක් සිදුව ඇති බවට මල්වතු, අස්ගිරි මහානායක හිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ලබා දෙන ලද උපදෙස් අනුව එම ආයතන නැවත ස්ථාපිත කරන ලෙස තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට ද මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ඓතිහාසික දළදා වහන්සේ වැඩසිටින භූමියට යාබද ඉඩම්වල නිවරවුල්තාවය පිළිබඳ මහා සංඝරත්නය කරන ලද දැනුම්දීම අනුව ඉදිරියේදී ඒවා නිරවුල් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මෙම ගැසට් පත‍්‍රයට අත්සන් තැබූ ජනාධිපතිතුමා මහා සංඝරත්නය සහ මැති ඇමතිවරු සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

    අනතුරුව දළදා මාළිගා පරිශ‍්‍රයේ ඇති වාරියපොළ ශී‍්‍ර සුමංගල හිමියන්ගේ පිළිරුවට සහ කැප්පෙටිපොළ නිළමේතුමාගේ ස්මාරකයට ද ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්වීය.

    ඉන් අනතුරුව උත්තමාභිවන්දනා ජාතික මහෝත්සවයට එක් විය.

    එහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළ මල්වතු, අස්ගිරි අනු නායක හිමිවරුන් ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඇගයීමට ලක් කළේය.

    මල්වතු, අස්ගිරි අනු නායක හිමිවරුන් ඇතුළු ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ගයන්ත කරුණාතිලක, ලක්ෂ්මන් කිරිඇල්ල, එස්.බී. දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    authtama

     

     

     

    auththaa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya