අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිව්වැනි වරමින් රට බබළන්නට

    අගෝස්තු 21, 2015
    1949 වසරේ මාර්තු 24දා එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන මහත්මියට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා ශ්‍රී Ranil2ලංකාවේ සිවුවරක් අගමැති තනතුරෙන් පිදුම් ලබමින් මෙරට දේශපාලන, ආර්ථික සංස්කෘතියේ කැපී පෙනෙන වෙනසක් ඇති කරන යුග පුරුෂයෙකු, උදාර ජන නායකයකු වනු ඇතැයි එදා කිසිවකුත් නොසිතන්නට ඇත.
     
    කොළඹ රාජකීය විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කොට 1966 වසරේ දෙසැම්බර් මාසයේ දී උසස් පෙළ විභාගයට ද, 1967 වසරේ දී ලන්ඩන් උසස් පෙළ විභාගයට ද ඉදිරිපත් ව උසස් ලෙස සමත්වී 1967 වසරේ ඔක්තෝබර් මාසයේ දී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන පීඨයට ඇතුළත්වීමට වරම් ලැබීය. එලෙස සිය අධ්‍යාපන ජීවිතයේ පියගැටපෙළ නැගී වික්‍රමසිංහ මහතා 1972 වසරේ ජූනි මාසයේ දී අධිනීතිඥවරයකු ලෙස දිවුරුම් දෙන ලද්දේ එවකට අගවිනිසුරු එන්. ජී. ප්‍රනාන්දු මහතා ඉදිරියේය.
     
    හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආරාධනයක් අනුව 1975 වසරේ කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා බවට පත්වෙමින් සිය දේශපාලන ජීවිතය ආරම්භ කළ වික්‍රමසිංහයන් 1977 වසරේ පවත්වන්නට යෙදුණු මහ මැතිවරණයේ දී බියගම ආසනයට තරග කරමින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පිවිසියේය. 
     
    එවකට විසිනව හැවිරිදි වියෙහි පසු වූ වික්‍රමසිංහයන් 1978 වසරේ දී පත් කළ නව කැබිනට් මණ්ඩලයේ යෞවන කටයුතු හා රැකී රක්ෂා කැබිනට් අමාත්‍ය ධුරයට පත් විය. එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ළාබාලතම අමාත්‍යවරයා වුයේ ද වික්‍රමසිංහ මහතාය.
     
    download 31994 වසර රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියේ කඩඉම පසුකරමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හා විපක්ෂ නායකත්වය හිමිවිය.
     
    එතැනින් ලද පන්නරයෙන් දේශපාලන දිවියේ විවිධ බාධක කම්කටොලු ජයගනිමින් ඉදිරියට ගමන් කළ වික්‍රමසිංහ මහතාට පළමු රට අගමැති පදවිය හිමි වන්නේ 1993 මැයි 07දාය. ඒ එවකට ජනාධිපතිව සිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභාවයත් සමඟ අග්‍රාමාත්‍යවරයා ව සිටි ඩී.බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුව එතුමා විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. ඒ අනුව 1993 වසරේ මැයි 07දා අග්‍රාමාත්‍ය ධුරයට පත් රනිල් වික්‍රමසිංහයන් 1994 අගෝස්තු 19දා දක්වා අගමැති තනතුරේ රාජකාරි කටයුතු සිදු කළේය.
     
    ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය , සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය හා රත්නසිරි වික්‍රමනායක මැතිතුමා 1994 වසරේ සිට 2001 දක්වා විවිධ අවස්ථාවන් හි දී අගමැති තනතුරට පත් වූ නමුත් 2001 වසරේ පැවැති මැතිවරණයෙන් ලද ජයග්‍රහණයත් සමඟ දෙවන වරටත් අගමැති ධුරයට අවස්ථාව වික්‍රමසිංහ මහතාට හිමි විය. 2001 වසරේ දෙසැම්බර් 09දා ආරම්භ කළ සිය දෙවන අගමැති ධුර කාලය 2004 අප්‍රේල් 06දා දක්වා බලපැවැත්විණි.
     
    Manifesto1 600px 15 07 232015 වසරේ ජනවාරි 08දා පැවැති ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද ජයග්‍රහණයත් සමඟ තෙවන වරටත් ජනවාරි 09දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දී දිවුරුම් දුන්නේය.
     
    තෙවන වරටත් අගමැති ධුරයෙන් අභිෂේක ලැබූ වික්‍රමසිංහ මහතා පසුගිය අගෝස්තු 17දා පැවැති මහ මැතිවරණයෙන් ලද විශිෂ්ඨ ජයග්‍රහණයත් සමග අද (21) ලෝකය හමුවේ සිය නාමය රනින් ලියා යළිත් අභිෂේක ගැන්වෙන්නේ සිව්වැනි වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරය දරන්නටය.
     
    එක්සත් ජාතික පක්ෂය පසුගිය මහ මැතිවරණයේ දී මාස 60 කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලියක් හදුන්වා දුන්නේය. රජ පවුලක් ඇති වෙනවා වෙනුවට හැම පවුලක් ම රජ කරන්නට තමාට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් එළිදක්වන්නට යෙදුණු මෙම පංචවිධ සංකල්පය හරහා වසර පහකින් අලුත් රටක් නිර්මාණය කිරීමේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය අති සාර්ථික වී රට බැබළෙනු දැකීම ශ්‍රී ලක් වාසී අප සැමගේම පරම බලාපොරොත්තුවයි.
     
    - දිල්හාරි බණ්ඩාර -

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya