අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වාභාවික සත්ව අරණක නිදැල්ලේ හැසිරෙන සතුන් බලමු

    අප්‍රේල් 17, 2015

    ප්‍රථම එළිමහන් සත්වෝද්‍යානය - පින්නවල

     

    සතුන් කෙරෙහි දක්වන ආදරය හා දයාවත් ඔවුන්ගේ චර්යා රටාවන් නිරීක්ෂණය කිරීමට ඇති ඇල්මත් හේතුවෙන් විශාල ජනතාවක් සත්වෝද්‍යාන හා මින්මැඳුරු නැරඹීමට ඇදී එති. වාර්තා වී ඇති තොරතුරුවලට අනුව ලෝක ජනගහනයෙන් සියයට 10ක් එනම් මිලියන 700ක ජනතාවක් වාර්ෂිකව ලෝකයේ විවිධ රටවල ස්ථාපිත කොට ඇති සත්වෝද්‍යාන හා මින්මැඳුරු නැරඹීමට පැමිණෙති.

     

    නවීන සත්වෝද්‍යාන සංකල්පය යටතේ ආකර්ෂණීය ශිල්ප ක්‍රම සහ ප්‍රවීනතාවන් උපයෝගී කරගනිමින්, පිළිගත් නීති රීතිවලට අනුව උපරිම රැකවරණය යටතේ නිවහන සපයමින්, විවිධත්වයෙන් යුතු සෞඛ්‍ය සම්පන්න සත්ව එකතුවක් ප්‍රදර්ශනය කිරීම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙවරයි.

     

    ලෝකයේ සත්වෝද්‍යාන ක්‍රමවේද නව තාක්ෂණය සමඟ බද්ධවෙමින් පවතී. ලෝකයේ   සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ සත්වෝද්‍යානවලින් ද එවැනි උසස් සේවයක් ලබාදීම අරමුණ ඇතිව සියලු සත්වෝද්‍යාන නවීකරණය කරමින් නව සත්වෝද්‍යාන ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව වේ.

     

    පින්නවල අලි අනාථාගාරයට යාබදව ඉදි කෙරෙන පින්නවල නව සත්වෝද්‍යානය පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට අලුත් අත්දැකීමක් එක් කිරීමට සමත්වනවාට සැක නැත. පින්නවල අලි අනාථාගාරයට පමණක් 2014 සැප්තැම්බර් වන විට දේශීය නරඹන්නන් 373, 914ක් සහ විදේශීය නරඹන්නන් 234, 364 පැමිණ තිබේ. පින්නවල   නව සත්වෝද්‍යානය ජනතාවට විවෘත කිරීමත් සමඟ අති විශාල දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයක් සත්වෝද්‍යානයට ලැබෙනු ඇත. මෙම එළිමහන් සත්වෝද්‍යානය සඳහා රුපියල් මිලියන 862ක් වැය කර ඇති අතර, ඉන් මිලියන 488ක් මහා භාණ්ඩාගාරය මඟින් ලබා දී ඇත.
     


    නව වාගොල්ල සත්වෝද්‍යානය ශ්‍රී ලංකා කලාපය සහ ලෝක කලාපය ලෙස ප්‍රධාන කලාප දෙකකින් යුක්ත වෙයි. ශ්‍රී ලංකා කලාපය තුළ ශ්‍රී ලංකාවට ආවේණික දිවියන් සංරක්ෂණය, අභිජනනය සහ චර්යා නිරීක්ෂණය සඳහා වෙන් වෙයි. ශ්‍රී ලංකා කලාපය හෙක්ටයාර් 16.62 ප්‍රමාණයකින් ද ලෝක කලාපය හෙක්ටයාර් 31.76ක ප්‍රමාණයකින් ද යුක්ත වන අතර ලෝක කලාපය සඳහා විදේශීය සතුන් ප්‍රදර්ශනය කිරීම සඳහා කටයුතු සිදු කෙරේ.

     

    Pinnawala 1මෙම සත්වෝද්‍යානයේ ස්වාභාවික සත්ව අරණ තුළ සතුන් නිදැල්ලේ ජීවත් වීමට අවස්ථාව සලසා තිබේ. පැමිණෙන නරඹන්නන්ට ආරක්ෂා සහිතව සතුන් නැරඹීමට අවශ්‍ය පහසුකම් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සලසා තිබේ.

     

    මීට අමතරව සත්වෝද්‍යානය යාබදව සකස් කෙරෙන ජලය පිරි සුන්දර විල් ප්‍රදේශය සත්වෝද්‍යානයට අලංකාරයක් එක් කරයි. වලස් අරණ, මිශ්‍ර මුව අරණ සහ කිඹුලන් ගැවසෙන විල් ප්‍රදේශයෙන් සත්වෝද්‍යානය පෝහොසත් වෙයි.

     

    ජාතික ආර්ථිකයට මහඟු දායකත්වයක් සපයන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නව සත්වෝද්‍යානය වෙත පැමිණෙන සියලු නරඹන්නන්ගේ පහසුව සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කර තිබේ.

     

    නවීන සත්වෝද්‍යාන සංකල්පයට නව අරුතක් සපයමින් පින්නවල නව එලිමහන් සත්වෝද්‍යානය සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ සහභාගීත්වයෙන් සහ අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සුරතින් අද (17) මහජන ආස්වාදනීය ප්‍රහර්ශය සඳහා විවෘත වේ. රජයේ දින 100 වැඩසටහනට සමඟාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහය සහ උපදෙස් මත මෙය සිදු කෙරේ.

     

    අප්‍රේල් 17 සිට 30 දක්වා පින්නවල නව එලිමහන් සත්වෝද්‍යානය නරඹන්නට යන ජනතාවට නොමිලේ ඇතුල්වීම සඳහා ජතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අවස්ථාව සලසා දී තිබේ.

     

    Pinnawala 3Pinnawala 4Pinnawala 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya