අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

    අප්‍රේල් 08, 2015
    නව සඳ බැලීම
     
    අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින ද  නව සඳ බැලීම මැනවි.
     
    පරණ අවුරුද්ද සඳහා ස්නානය
     
    අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා  අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
     
    අලුත් අවුරුදු උදාව
     
    අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපර භාග 01.47 ට අලුත් අවුරුද්ද උදාවෙයි.
     
    පුණ්‍ය කාලය
     
    අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 07.23 සිට අපර භාග 08.11 දක්වා පූණ්‍ය කාලය බැවින්, අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්ව භාග 07.23  ට  පළමුව ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද , පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන අඟහරුවාදා අපර භාග 01.47   සිට අපර භාග 08.11 දක්වා  පහත දැක්වෙන අයුරු වැඩඇල්ලිම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී අවුරුදු චාරිත්‍ර විධි ඉටුකිරිම ද මැනවි.
     
    ආහාර පිසීම
     
    අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපර භාග 02.05 ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි සහ උක් හකුරු මිශ්‍ර  රතු කැකුළු කිරිබතක් ද විළඳ මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.
     
    වැඩඇල්ලීම, ගනුදෙනු කිරිම හා ආහාර අනුභවය
     
    අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපර භාග 02.42 ට රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
     
    හිසතෙල් ගෑම
     
    අප්‍රේල් මස 15 වන  බදාදා ලා කොළ පැහැති  වස්ත්‍රාභරණයෙන් සැරසි  පූර්ව භාග 09.06 ට දකුණු  දිශාව බලා  හිසට කොහොඹ පත් ද , පයට කොළොන් පත් ද තබා  තෙල් සහ  කොහොඹ පත්  යුෂ මිශ්‍ර  නානු ද ගා  ස්නානය කිරිම මැනවි.
     
    රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම
     
    අප්‍රේල් මස 22  වන බදාදා  ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු හා තල මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක්  අනුභව කර පූර්ව භාග  06.02  ට නැගෙනහිර දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත් ව යෑම මැනවි.
     
    සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම
     
    අප්‍රේල් මස 17  වන සිකුරාදා සුදු නිල්  පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් අනුභව කර පූර්ව භාග 06.03 ට උතුරු දිශාව බලා රැකිරක්ෂා සඳහා පිටත්ව යෑම මැනවි.
     
    සැ.යු. ඉහත නැකැත් වේලාවන් දැනට සම්මත ඔර්ලෝසු වේලාවෙන් සකස් කර ඇත්තේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසිනි.  මෙම වේලාවන් ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට නොවෙනස්ව භාවිත කළ හැක.
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya