Print this page

ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූ ෂෙහාන් සෙනෙවිරත්න මහතාට ජනපතිගෙන් සුබ පැතුම්

පෙබරවාරි 28, 2017

2016 වසරේ විශිෂ්ටතම ජාතික ව්‍යවසායකයාට හිමි ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලැබූ එස්.එම්.එස්. හෝල්ඩින්ග්ස් සභාපති  කළමනාකාර අධ්‍යක්ෂ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝර්ස් ටර්මිනල්ස් ලිමිටඩ්හිි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් 21 වන වරටත් පැවැත්වූ ජාතික හොඳම ව්‍යවසායකයා තේරීමේ තරගයෙන් 2016 වසරේ විශිෂ්ටතම ජාතික ව්‍යවසායකයා ලෙස ෂෙහාන් සෙනෙවිරත්න මහතා පිදුම් ලැබූ අතර ඒ මහතා වෙත ජනාධිපතිතුමා මෙහිදී සිය උණුසුම් සුබපැතුම් පිළිගැන්වීය.