අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට ලංකා ලුණු සමාගම කෝටි 99ක ලාභයක් ලබයි

    දෙසැම්බර් 31, 2016

    හම්බන්තොට ලංකා ලුණු සමාගම පසුගිය වසර දෙක තුළ රුපියල් කෝටි 99ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව එහි සභාපති අයුබ් ඛාන් මහතා පැවසීය.

    රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන් අතර රුපියල් මිලියන 330 අලාභයක් ලබමින් තිබුණු මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බව සඳහන් කළේය.

    නව අලෙවි නියෝජිත සංඛ්‍යාව 60ක් වැනි ප්‍ර‍මාණයක් වැඩි කිරීම, සේවක ගැටලු විසඳීම, මනා සැලැස්මක් ඇති සියලු කටයුතු සිදු කිරීම යනාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් මෙවැනි ඉහළ ප්‍ර‍ගතියක් ලබා ගැනීමට හැකි වූ බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ සේවක පිරිසගේ මනා කැප වීම ද ඒ සඳහා මහඟු පිටුබලයක් වූ බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya