අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ පොහොර මිලදී ගැනීමට රුපියල් මිලියන 7,000 ක් නිකුත් කෙරේ

    දෙසැම්බර් 21, 2016

    මෙවර මහකන්නයේ වී වගාකරන ගොවීන් සඳහා පොහොර ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 5,500 ක් කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදී ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙයට අමතරව අද (21) තවත් රුපියල් මිලියන 1,500 ක් නිකුත් කිරීමට නියමිතය.

     

    වසරේ සැප්තැම්බර් සිට මාර්තු මස දක්වා තිබෙන මහකන්නයේ වී වගාව වෙනුවෙන් පොහොර මිලදී ගැනීම සඳහා ගොවියෙකුට හෙක්ටයාර එකකට රුපියල් 25,000 ක් නිකුත් කරනු ලැබේ.

     

    මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති මෙම මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අදාළ ගොවීන්ගේ බැංකු ගිණුම් වල තැන්පත් කරනු ලැබේ.

     

    ගොවීන්ට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීම සඳහා මහා භාණ්ඩාගාරය විසින් රුපියල් මිලියන 55,000 ක් ලබන වසරට ද වෙන්කර ඇත.

     

    පොහොර සහනාධාර ලබාගන්නා ගොවීන්ගේ දත්ත පද්ධතියක් මේවනවිට සකස් කර ඇති බැවින් ලබන වසරේ සිට එම ගොවීන්ට අදාළ මුදල භාණ්ඩාගාරය විසින් ඔවුන්ගේ ගිණුම් වලට සෘජුව නිකුත් කරනු ලැබේ.

     

    පොහොර වෙනුවෙන් ගොවීන්ට වී වගාව සඳහා හෙක්ටයාර එකකට යල හා මහ කන්න දෙක සඳහා දීමනාවක් ලෙස රුපියල් 25,000 බැගින් මුදල් ගෙවනු ලබන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya