අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 115ක්

    දෙසැම්බර් 20, 2016

    දිවයිනේ නොදියුණු සහ උතුරු පළාතේ කුඩා දූපත්වල වෙසෙන ජනතාවගේ විදුලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 115ක ණය ආධාර ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කරයි.

    මීට අදාළ ඇපකරු ගිවිසුම සහ ණය මුදලට හා අනෙකුත් අරමුදල් දෙක සඳහා වූ ගිවිසුම්වලට එළඹීම ඊයේ (20) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

     

    ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ද, ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි මෙරට නේවාසික අධ්‍යක්ෂිකා ශ්‍රී විදෝවතී මහත්මිය ද ඊට අත්සන් තැබූහ.  

     

    ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 164ක මුදලක් වැය වන අතර, ඉතිරි මුදල දේශීය වශයෙන් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ විදුලිය අවශ්‍යතාව 100%ක් ම සම්පූර්ණ වනු ඇත. ඒ අනුව ව්‍යාපෘතිය අංශ 4කින් සමන්විත වේ.  


    I.    පුනර්ජනනීය බලශක්ති ක්‍රම  වැඩිදියුණු  කිරීම හා උතුරු ප්‍රදේශයට අයත් කුඩා දූපත්වල ජීවත් වන ග්‍රාමීය ජනතාවට නිෂ්පාදන ක්‍රියාවලීන් සදහා අවශ්‍ය බලශක්ති සැපයීම,  

    II.    මධ්‍යම වෝල්ටීයතා ජාලය විශ්වාසනීය වැඩිදියුණු කිරීම.

    III.    ග්‍රාමීය විදුලිබල සැපයුම් හා බෙදාහැරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම හා නිරීක්ෂණය

    IV.    විදුලි සම්ප්‍රේෂණ ක්‍රියාවලියේ, විදුලිබලය කළමනාකරණය කිරීමේ ප්‍රතික්‍රියා වර්ධනය කිරීම

    මෙම ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය විදුලිබල යෝජනා ක්‍රම 106 සහ අඩු ධාරිතා රැහැන් කිලෝමීටර් 2,372ක ප්‍රමාණයක් ආවරණය වේ.  සම්පූර්ණ ව්‍යාපෘතිය මඟින්, ග්‍රාමීය පාරිභෝගිකයන් 35,710 දෙනෙකුට විදුලිය සැපයීමට කටයුතු කෙරෙන අතර එම ප්‍රතිලාභීන් අතර උතුරු නැගෙනහිර ප්‍රදේශවල, ගැටුම්වලින් පීඩාවට පත් ජනතාව මෙන්ම විදුලිබල පහසුකම් අඩු ඌව හා මධ්‍යම පළාත්වල ජනතාවටද ප්‍රතිලාභ ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya