අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.04.22 දින කැබිනට් තීරණ

    අප්‍රේල් 22, 2014

    මෙරපෙනම් ග්රෑම් 01 එන්නත් කුප්පි 200,000ක් හා මෙරපෙනම් මිලිග්රෑම් 500 එන්නත් කුප්පි 185,000ක් සැපයීම සඳහා වන ටෙන්ඩරය

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි හා පහත සඳහන් ලෙස ඉහත භාණ්ඩ දෙකෙන් 25%ක ප‍්‍රමාණයක් සැපයීමේ ටෙන්ඩරය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ. මෙරපෙනම් ග්රෑම් 01 එන්නත් කුප්පි 50,000 හා මෙරෙපෙනම් මිලිග්රෑම් 500 එන්නත් කුප්පි 46,250කි.


    මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය - ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර

    කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටි අපජල ප‍්‍රවාහන නළ මාර්ගයේ තෝරාගත් කිලෝමීටර් 10ක් පුනරුත්ථාපනය කිරීම හා අපජල ප‍්‍රවාහන නළ මාර්ගයේ කිලෝමීටර 125ක තත්ත්ව සමීක්ෂණ වාර්තා සැකසීම.

    මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සඳහා ඇ.ඩො. මිලියන 116.63ක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකා රජය වෙත ලබාදී ඇත. ඉහත කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව ලබාදීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම

    රුපියල් මිලියන 696.163ක වියදමින් රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සඳහා නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විටත් ලැබී ඇත. ඉහත කොන්ත‍්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව ලබාදීමට හා අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2013 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

    ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2013 වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ. 

     

    අම්පාර ගුවන් තොටුපොළේ ධාවන පථය හා අංගණය පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම - කොන්ත‍්‍රාත්තුවෙහි වෙනස් කිරීම් සඳහා අනුමැතිය

    අම්පාර ගුවන් තොටුපොළේ ධාවන පථය හා අංගණයේ සැලසුමෙහි සිදු කරන ලද වෙනස් කිරීම් හේතුවෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ හා පිරිවැය ඇස්තමේන්තු පරීක්ෂණ කමිටුවේ නිර්දේශ අනුව ඉහත ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත් මුදල සංශෝධනය කිරීමට මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණ.

     

    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya