අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014.02.28 වන දින කැබිනට් මණ්ඩල තීරණ

    මාර්තු 25, 2014

    නීති ප‍්‍රඥප්ති සංශෝධනය හා ඒකාබද්ධ කිරීම
    1956 වසර දක්වා නිල වශයෙන් සංස්කරණය කරන ලද නීති ප‍්‍රඥප්ති, මූලික ප‍්‍රඥප්ති වෙළුම් 12 කින් හා අතිරේක ප‍්‍රඥප්ති වෙළුම් 07 කින් සමන්විත වේ. අනතුරුව 1956 සිට 1980 දක්වා වූ නීති ප‍්‍රඥප්ති අවසන් වරට සංශෝධනය කරන ලද සංස්කරණයට ඇතුළත් වේ. 1956 න් පසුව පැනවුණු ව්‍යවස්ථා සංශෝධනය කිරීමට හා ඒකාබද්ධ කිරීමටත් ඒ සංස්කරණ සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි භාෂා වලින් පළ කිරීමත් අවශ්‍යතාවයක් ව ඇත. අදාළ කටයුතු ඉදිරියට කරගෙන යාමට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    1931 අංක 19 දරන බෞද්ධ විහාර, දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම

    1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතට යෝජිත සංශෝධන පළමුව නීති සම්පාදනය සම්බන්ධ කැබිනට් අනුකමිටුවේ නිර්දේශ සඳහා යොමු කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දි. මු. ජයරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සඳහා මානව සම්පත් ශක්තිමත් කිරීම පිළිබඳ සහයෝගීතා ගිවිසුම
    ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සඳහා වන මානව සම්පත් ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මේ සහයෝගීතා ගිවිසුම ඇති කෙරෙනුයේ ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය සඳහා වූ මධ්‍යස්ථානය හා ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ජාතික මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩලය අතරය. මේ කාර්යය සඳහා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඕස්ටේ‍්‍රලියානු නියෝජිතායතනය මඟින් නියෝජනය කෙරෙන ඕස්ටේ‍්‍රලියානු පොදු රාජ්‍ය මණ්ඩලය මඟින් ඕස්ටේ‍්‍රලියානු ඩොලර් 199,000 ක ප‍්‍රදානයක් කෙරේ. මේ සහයෝගීතා ගිවිසුම පිළිගැනීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    සිංගප්පූරු ජාත්‍යන්තර පදනමේ සහයෝගීත්වයෙන් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ අධ්‍යාපනය වර්ධනය කිරීම

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය රක්ෂණ වර්ධනය, සිංගප්පූරු ජාත්‍යන්තර පදනම, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලය එක්ව ක‍්‍රියාත්මක කරන තුන් අවුරුදු ව්‍යාපෘතියකි. ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ළඟාවන ලෙස සෞඛ්‍යාරක්ෂණ අධ්‍යාපනය වර්ධනය කිරීමට ව්‍යාපෘතිය අපේක්ෂා කරයි. ඉහත ආයතන සමඟ එක්ව මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.

    අ.පො.ස. උසස් පෙළ ශිෂ්‍යයන් සඳහා නව තාක්ෂණ විෂය ධාරාව හඳුන්වාදීම

    මෙම විෂය ධාරාව 2013 අධ්‍යයන වර්ෂය සඳහා මහින්දෝදය තාක්ෂණික විද්‍යාල 200 ක ඇරඹුණු අතර මේ වන විට සිසූහූ 13,100 ක් පමණ ඒ විෂය ධාරාව හදාරමින් සිටිති. සිසුන්ගේ ඉහළ ඉල්ලූම නිසා පාසල් ගණන 250 දක්වා වැඩි කිරීමට යෝජිත අතර මේ සඳහා අදාළ විෂයයන් ඉගැන්වීමට සුදුසුකම් සහිත ගුරුවරුන් 150 දෙනෙකු බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.


    ක‍්‍රිඩා සංවර්ධනය සඳහා වූ ශ‍්‍රී ලංකා රජය හා මාලදිවයින් රජය අතර අවබෝධතා ගිවිසුම
    ශ‍්‍රී ලංකාව හා මාලදිවයින අතර ක‍්‍රීඩා සංවර්ධනය උදෙසා ක‍්‍රිඩා ක්ෂේත‍්‍රයේ විශේෂඥයින් හුවමාරු කර ගැනීමටත් පුහුණුවීම් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවස්ථාව ලබාදීමටත් පුහුණුකරුවන්ට ක‍්‍රීඩා වෘත්තිකයින්ට ක‍්‍රීඩා විශේෂඥතා දැනුම ලබා ගැනීමටත් සඳහා වූ අවබෝධතා ගිවිසුමක් ශ‍්‍රී ලංකාව හා මාලදිවයින රජය එරට ජනාධිපතිතුමාගේ ශ‍්‍රී ලංකා සංචාරය තුළ දී අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමට කැබිනට් එකඟත්වය ප‍්‍රකාශ කරන ලදී.

    හම්බන්තොට සූරිය වැව තාක්ෂණ උද්‍යානයේ ආපදා ප‍්‍රතිසාදන මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉඳිකිරීම
    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් පුද්ගල තොරතුරු නියමිත වාර්තා පොත්වල සටහන් කර අතින් ලියා දෙනු ලබන හඳුනා ගැනීමේ පත‍්‍රයක් නිකුත් කිරීම මඟින් විවිධ ගැටලූ හා දුෂ්කරතා මතුවීම නිසා, එම දත්ත පරිගණක ගත කිරීමෙන් අනතුරුව පුද්ගලික දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීම සඳහා ද, ඒ තුළින් විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නියමිත පුද්ගලයන්ට නිකුත් කිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. මෙම දත්ත මධ්‍යස්ථානය වයිරස ප‍්‍රහාර හෝ අන්තර්ජාල වාහකය බිඳ වැටීම වැනි තාක්ෂණික ගැටලූ වලින් ආරක්ෂා කිරීම සඳහා ජාතික පුරවැසි දත්ත පද්ධතිය වෙනුවෙන් ආපදා ප‍්‍රතිසාදන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ජනාධිපතිතුමා විසින් වරාය මහා මාර්ග හා නාවික අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය මඟින් අරමුදල් සපයනු ලබන ජාතික මාර්ග ජාලයේ නායයෑම් වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉඳිකිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස කොන්ත‍්‍රාත් ප‍්‍රදානයමේ සඳහා ජපාන යෙන් 7619 ක ණය මුදලක් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය වෙතින් ශ‍්‍රී ලංකාවට ලබාදී ඇත. මෙම කටයුත්ත සඳහා වන කොන්ත‍්‍රාත්තුව ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ලබාදීමට ජනාධිපතිතුමා විසින් මහාමාර්ග වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    සී. ටී. ස්කෑනර්ස් යන්ත‍්‍ර 03 ක් සපයා ස්ථාපනය කිරීම සඳහා වූ ටෙන්ඩරය

    ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි ඇමෙරිකන් ඩොලර් 816,000.00 සහ ශ‍්‍රී ලංකා රුපියල් 2,040,000.00 ක කොන්ත‍්‍රාත් මුදලකට පිරි නැමීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    රේබීස් වැක්සින් වයල්ස් 300,000 මිලදී ගැනීම සඳහා වූ ටෙන්ඩරය

    ස්ථාවර ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම ටෙන්ඩරය අවම ප‍්‍රතිචාරාත්මක ලංසුකරු වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    ජාතික සෞඛ්‍ය සතිය - 2014

    මාර්තු 10 වන දා සිට 16 වන දා දක්වා ජාතික සෞඛ්‍ය සතිය 2014 වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමටත් එම සතිය තුළ සෞඛ්‍ය කටයුතු පිළිබඳව වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    ලෝක බැංකුවෙන් ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය උදෙසා වන ජාත්‍යන්තර බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 102 ක ණය මුදලක් ලබා ගැනීම

    විනාශකාරී බලපෑම් ඇති කරවන ස්වාභාවික ආපදාවන් සිදුවීමේ වාර ගණන හා තීව‍්‍රතාව වැඩිවීමේ ගැටලූවකට ලෝකය මුහුණපාමින් සිටී. විවිධ ආපදාවන්ට ලක්වීමේ අවදානම සහිත රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව පසුගිය දශක දෙක පුරා විශේෂයෙන් දේශගුණික විපර්යාස වැනි ස්වාභාවික විපත් වැඩි වශයෙන් සිදුවන තත්ත්වයකට මුහුණ පා ඇත. මෙම තත්ත්වයන්ට මුහුණදීමටත් එයින් ඇතිවන හානිවලට පිලියම් යෙදීමටත් ඇමෙරිකානු ඩොලර් මිලියන 102 ක් ණය වශයෙන් ලබාදීමට ප‍්‍රතිසංස්කරණය හා සංවර්ධනය උදෙසා වන ජාත්‍යන්තර බැංකුව කැමැත්ත ප‍්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් එම බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමටත් ඉන් අනතුරුව මූල්‍යමය ගිවිසුමකට එළැඹීමටත් මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් ඇමෙරිකන් ඩොලර් 147 ක ණය වරයක් ලබා ගැනීම

    වසර 2020 වන විට රටපුරා නගර ජාලය වඩා හොඳින් සැලසුම් සහගතව සම්බන්ධ කිරීමට රජය බලාපොරොත්තු වේ. මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ, හම්බන්තොට, ත‍්‍රිකුණාමලය හා යාපනය යන නගර විශාල නගර ලෙස සංවර්ධනය කිරීමට රජය හඳුනාගනු ලැබ ඇත. ඒ අතර මුළු රටම ආවරණය කරමින් වෙනත් නගර 09 ක් නාගරික සංවර්ධන මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත. ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය මෙම ව්‍යාපෘතී වලට ඇමෙරිකන් ඩොලර් මිලියන 147 ක ණය මුදලක් පිරිනැමීමට එකඟවී ඇත.මේ සම්බන්ධයෙන් එම බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමටත් ඉන් අනතුරුව මූල්‍යමය ගිවිසුමකට එළැඹීමටත් මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    ජපාන ව්‍යාපෘති නොවන ආධාර ප‍්‍රදාන යටතේ උසස් තත්ත්වයේ ජපන් නිෂ්පාදන (වෛද්‍ය උපකරණ හා සුබසාධන උපකරණ) සම්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 625 ක ( ජපන් යෙන් මිලියන 500) ප‍්‍රදාන ආධාර

    ශ‍්‍රී ලාංකික පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟාසිටුවීම සඳහා ජපානය ලබාදීමට ඇති මෙම ආධාර ප‍්‍රදානය සම්බන්ධයෙන් ජපානය හා ශ‍්‍රී ලංකා රජයන් අතර හුවමාරු පත‍්‍ර අත්සන් කිරීමට මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී.

    මහාචාර්ය ආරියරත්න ඇතුගල
    රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya