Print this page

තරුණ සමුළුවට ප‍්‍රථම විදේශීය රාජ්‍ය අමාත්‍යවරු දිවයිනට Featured

මැයි 05, 2014
2014 ලෝක තරුණ සමුළුවට සහභාගිවීම සඳහා පැමිණෙන විදේශීය රාජ්‍ය අමාත්‍යවරු අද (05) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළින් දිවයිනට ළඟා වූහ.
 
එසේ පැමිණි අමාත්‍යවරුන් වූයේ මියන්මාර් ජනරජයේ සමාජ සුබසාධන අමාත්‍ය මියැට් ඕන් කින්හ්, නේපාල ජනරජයේ යෞවන කටයුතු හා කී‍්‍රඩා අමාත්‍ය පුරුෂෝත්තම් පාවුඩේල් හා ෆීජී ජනරජයේ යෞවන කටයුතු හා කී‍්‍රඩා අමාත්‍ය විලියම් නව්පොටෝ යන මහත්ම මහත්මීහු මෙසේ දිවයිනට පැමිණියහ. 
 
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ගුවන් තොටුපළ පරිශ‍්‍රයේදී ඔවුන් පිළිගනු ලැබීය . මෙම  අවස්ථාවට රාජ්‍ය සම්පත් හා ව්‍යාවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න, එක්සත් ජාතීන්ගේ ශී‍්‍ර ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන යන මහත්වරුද සහභාගි වුහ.
 
DB
 
wyc deli 1
 
 
 
wyc deli 2