අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුව හෙට ජනපති ප්‍රධානත්වයෙන් Featured

    ලෝක තරුණ සමුළුව හෙට (06) පෙරවරු 11.00ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කරන බවත් මේ සඳහා සහභාගීවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ සභාපති ආචාර්ය ජෝර්ජ් විලියම් ඈස් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයාගේ තරුණ කටයුතු පිළිබඳ නියෝජිත අහමඩ් අලහන්දායී යන මහත්වරුන් අද රාත්‍රී 8.00ට මෙරටට පැමිණෙන බවත් තරුණසේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා පවසයි.


    මේ සමුළුව පිළිබඳ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ සභාපතිවරයා අද උදෑසන 6.00 වන විට රටවල් 94ක තරුණ තරුණියන් දිවයිනට පැමිණි බව ද සඳහන් කළේය.

    මියන්මාර් හා ෆීජි රාජ්‍යයේ අමාත්‍යවරුන් ඊයේ (04) මධ්‍යම රාත්‍රීයේ මෙරටට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කර තිබේ. හෙට ආරම්භ කිරීමට නියමිත තරුණ සමුළුවට පෙර පැමිණ සිටින දෙස් විදෙස් තරුණ තරුණියන් සඳහා ඔවුන් නවාතැන් ගෙන සිටින ස්ථානවලම සමුළුවේ තේමාව, අනු තේමා හා අරමුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

    මේ වන විට ගැබෝන්, ඇල්ජීරියා, නේපාලය හා කියුබාව යන රටවලින් අමාත්‍යවරුන් මෙරටට පැමිණ සිටින බව පැවසූ සභාපතිවරයා හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න, අග විනිසුරු මොහාන් පීරිස් යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්වන බව බවද පැවසීය.

    ඇෆ්ගනිස්ථානය, සීෂෙල්ස්, බංග්ලාදේශය, බල්ගේරියාව, චීනය, නියිජීරියාව, ටොංගෝ, සැම්බියාව රටවල තරුණ තරුණියන් අද රාත්‍රී 8.00 වන වට මෙරටට පැමිණීමට නියමිතයි.

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya