අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුවට සමගාමීව යොවුන් පාර්ලිමේන්තුවේ විශේෂ සැසියක් Featured

    ජාතික තරුණ සේවා සභාව, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය, ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ලබන ශ‍්‍රී ලංකා යූත් දෙවන පාර්ලිමේන්තුවේ 08 වන සැසිවාරය එළැඹෙන 08 වැනි දා සවස 6.00ට මහරගම ශ‍්‍රී ලංකා යූත් ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතව ඇත. 
     
    2014 තරුණයන් පිළිබඳ ලෝක සමුළුවට සමගාමීව පවත්වනු ලබන මෙවර සැසිවාරයේ දී "ලෝක තරුණ සමුළුව ශ‍්‍රී ලංකා තාරුණ්‍ය බලපාන ආකාරය" යන මාතෘකාව විවාදයට ගැනීමට නියමිතව ඇත. 
     
    මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයින් ලෙස යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත‍්‍රී මොහාන් ලාල් ග්‍රේරු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ ලලිත් පියුම් පෙරේරා, තරුණයන් පිළිබඳ ලෝක සමුළුවට සහභාගි වන රාජ්‍ය නිලධාරීන්, තරුණ නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya