අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුවේ නිල ප්‍රකාශක ලෙස ලලිත් පියුම් පෙරේරා මහතා පත් කෙරේ

    අප්‍රේල් 24, 2014

    ලබන මැයි 06 වැනිදා සිට 09 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ලෝක තරුණ සමුළුව වෙනුවෙන් එහි නිල ප්‍රකාශක ලෙස  ජාතික තරුණ සේවා සභාවේ සභාපති වන ලලිත් පියුම් පෙරේරා මහතා අද (24) සිට පත් කර ඇත.

     

    තරුණයන් පිළිබඳ ලෝක සමුළුවේ නිල ප්‍රකාශක ලෙස කටයුතු කරනු ලබන ලලිත් පියුම් මහතා සම්බන්ධ කර ගැනීමට දූරකතන අංක 0777994477/0777233933 ඔස්සේ හැකි වේ. එසේ නැතහොත් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ සම්බන්ධ විය හැකිය. එමෙන් ම  නිල ඡායාරූප සඳහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඔස්සේ සම්බන්ධ විය හැකි වේ.


    තව දින 15කින් ආරම්භ වීමට නියමිත ලෝක තරුණ සමුළුව සඳහා මේ වන විට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක් එක්ව කටයුතු කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය/යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි. එමෙන් ම මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සක්‍රීය දායකත්වයක් සපයන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යාවරයා මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.
     
     

    මෙම සමුළුව සඳහා රටවල් 150කට ආසන්න ප්‍රමාණයකින් තරුණ තරුණියන්, යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යවරු, තරුණ කටයුතු පිළිබඳ විවිධ සමාගම් නියෝජිතයින් රැසක් සහභාගී වීමට නියමිතය.
     
    ලෝක තරුණ සමුළුව අවසානයේ දී එළිදක්වනු ලබන කොළඹ ප්‍රකාශය 2014 වසරේ සිට දශක කිහිපයක් ලොව තරුණ තරුණියන්ට මග කියන ලියවිල්ලක් වනු ඇති බවත්, ජාත්‍යන්තරය තුළට තරුණ සහභාගීත්වය පිළිබඳ හඬක් ඇති කිරීමට ද මෙය අවස්ථාවක් වන බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.


    මේ පිළිබඳව අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා පැවසුවේ "ශ්‍රී ලංකාවේ පමණක් නො ව ආසියාවේ පළමු වරට මෙවන් අන්තර්ජාතික තරුණ සමුළුක් පැවැත්වීමට ලැබීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක්. රටවල් 106ක තරුණ නියෝජිත පිරිස් මෙන්ම රටවල් 27කට අයත් තරුණ කටයුතු අමාත්‍යවරුන් මේ සඳහා සහභාගිවන බව තහවුරු කොට ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල නියෝජිතයින් රැසක් ද පැමිණීම සහතික කොට ඇත".
     
    ලෝක තරුණ සමුළුවේ සමාරම්භක උත්සවය මැයි 06 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.2013 නොවැම්බර් මාසයේ දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුවෙන් අනතුරුව මාගම් රුහුණුපුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන දෙවන අන්තර් ජාතික සමුළුවද මෙය වේ.
     
     

    මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර්, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය නියෝජනය කරමින් සහ ජාත්‍යන්තර තරුණ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya