අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුව ආසියාවේ පැවැත්වෙන පළමු වතාව මෙයයි Featured

    ලබන මැයි 06 දින මෙරට පවත්වන ලෝක තරුණ සමුළුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සෑම රටක්ම සහභාගි වන ආසියාවේ හෝ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු වතාව බවත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලෝක තරුණ සමුළුව ඉලක්ක කර ගෙන මෙරට පවත්වන ජාතික පා පැදි තරගය පිළිබඳව අද (27) පස්වරුවේ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.

    ලෝක තරුණ සමුළුව මැයි 06 දින හම්බන්තොට මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරේ. මැයි 07, 08 සහ 09 දින සමුළුව පැවැත්වෙන්නේ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීය. එහි අවසන් උත්සවය මැයි 09 දින කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මේ සඳහා ජාත්‍යන්තර තරුණ කාර්ය සාධක බලකායක් ගොඩනැගී ඇත. ඉන් 10 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරන බවත් ඉතුරු 10 දෙනා ලොව සෑම කලාපයක්ම ආවරණය වන පරිදි තෝරා ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

     

    ලෝක තරුණ සමුළුවට සහභාගි වීම සම්බන්ධයෙන් ලොව රටවල් 72ක් සමඟ ගනුදෙනු සිදු කර තිබේ. මේ සඳහා තරුණ අමාත්‍යවරුන් රැසකගේ පැමිනීම තහවුරු කර ඇත. රටවල් 52ක නියෝජිතයන්ගේ පැමිණීම ද තහවුරු කර ඇති අතර එක් රටකින් කාන්තාවන් දෙදෙනෙකු හා පුරුෂයෙකු බැගින් සහභාගි වේ. මේ වන විටත් රාජ්‍ය නායකයන් තිදෙනෙකුගේ පැමිණීම ස්ථිර කර තිබේ. මෙහි වැදගත්කම වන්නේ සමුළුව අවසානයේ නිකුත් කරන කොළඹ ප්‍රකාශනය ඊළඟ අවුරුදු 05ක කාල සීමාව තුළ තරුණ ප්‍රජාවට මඟ කියන න්‍යායපත්‍රය සැකසීමට යොදා ගැනීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මඟපෙන්වීම යටතේ මෙය සිදු කරන බවත් ජනාධිපතිතුමා ප්‍රධාන රජය මේ සඳහා රාජ්‍ය මට්ටමින් උපරිම අනුග්‍රහය දක්වන අතර රාජ්‍යයක් ලෙස මේ ගැන විශාල වගකීමක් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya