Print this page

ඇමැති ඩලස් යොවුන් සමුළුවේ සභාපති ධූරයට

මැයි 07, 2014
ශ්‍රී ලංකාවේ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා 2014 යොවුන් සමුළුවේ සභාපති ධූරයට පත් කොට ඇත.

 

ඒ මහතා මෙවර සමුළුවේ සභාපති ධූරය සඳහා සී ෂෙල්ස් යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් යෝජනා කරනු ලැබූ අතර එම යෝජනාව නේපාල යෞවන කටයුතු අමාත්‍යවරයා විසින් ස්ථිර කරනු ලැබීය.


ඒ අනුව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරි වසර දෙකක කාලයක් මෙම ධූරය දරනු ඇත.
 
DB