Print this page

තරුණ සමුළුව වෙනුවෙන් සමරු මුද්දරයක් Featured

මැයි 07, 2014
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2014 ලෝක තරුණ සමුළුව හා සමගාමීව සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීම අද (07) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී සිදුවිය.

තැපැල් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය විසින් නිකුත් කිරීමට කටයුතු කරන ලද මෙම සමරු මුද්දරය රුපියල් පහක වටිනාකමකින් යුක්ත වේ. 

මිලිමීටර් 41 x 30 ප්‍රමාණයෙන් වර්ණ හතරකින් සමන්විත මෙම මුද්දරය සනත් රෝහණ වික්‍රමසිංහ මහතා නිර්මාණය කොට ඇත. 

2014 ලෝක තරුණ සමුළුවේ ලාංඡනයෙන් හා ශ්‍රී ලංකාව නිරූපණය වන අන්දමින් නිර්මාණය කොට ඇති මෙම සමරු මුද්දරය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මුද්‍රණය කොට ඇත.

මෙම අවස්ථාවට යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග, යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු. ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා මහත්වරුන් ඇතුළු තරුණ සමුළු නියෝජිත නියෝජිතවරියෝ  සහභාගි වූහ.

 
DB