අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවේ දෙවන දිනය අදයි


    අද (07) දවස මුළුල්ලේ ම ලෝක තරුණ සමුළුවේ සැසිවාර බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

     

     
    පෙරවරු 9.00ට ඇරඹෙන උදෑසන සැසිවාරය මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා අමතනු ඇත.
     

    පෙරවරු 10.30ට සාකච්ඡාවට කිහිපයකි. මනා පරිපාලන ක්‍රමවේදයන්, සියලු තලවලදී තරුණ සහභාගීත්වය, තරුණයන් සතු අයිතීන්, ගෝලීයකරණය හා තරුණ සහභාගීත්වය හා සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ ශ්‍රම විභජනය ඇතුළු මාතෘකා රැසක් ඔස්සේ සාකච්ඡා පැවැත්වෙනු ඇත.

    සවස 2.15ට ආරම්භ වෙන දෙවනවටයේදී ගුණාත්මක අධ්‍යාපනයක් හා සමානුපාතික ප්‍රවේශය, පූර්ණ රැකියා හා ව්‍යවසායකත්වය, දුප්පත් කම දුරලීම හා ආහාර පිළිබඳ සුරක්ෂිතභාවය, සෞඛ්‍ය සම්පන්න ජීවිත හා මනා සෞඛ්‍ය තත්ත්වයන් ඇති කරලීම, පරිසර සුරැකීම, හදිස්සි අවස්ථා සඳහා සූදානම් වීම, තරුණයින් කේන්ද්‍ර කොට ගත්  නාගරීකරණය, සාමය හඳුනා ගැනීම, සංහිඳියාව, අර්බුද සමනය බදු මාතෘකා ඔස්සේ අද සැසිවාරයන් හිදී සාකච්ඡා කෙරේ.

    AF/ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya