මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුවට ජනපතිගෙන් සුබපැතුම් Featured

    අද (06) ඇරඹෙන 2014 ලෝක තරුණ සමුළුවට විවිධාංගික ජනතාවන් සහ පොහොසත් සංස්කෘතීන් සහිත රටවල් හා සමාජයන් නියෝජනය කරමින් විශාල තරුණ තරුණයින් සංඛ්‍යාවක් සහභාගී වී සිටිනු දක්නට ලැබීම මට ඉමහත් පී‍්‍රතියට හේතුවක් යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.


    ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පණිවුඩය මෙසේය:


    2014 ලෝක තරුණ සමුළුවට මා මෙම පණිවුඩය එවන්නේ ඉමහත් සතුටිනි.


    මෙම සමුළුව ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම වඩාත් කාලෝචිත වන්නේ මෙරට සාමය ස්ථාපිත කර සංහිඳියාව සහ සංවර්ධනය කරා වේගයෙන් ගමන් කරන මෙම අවස්ථාවේදී මේ කාර්ය සඳහා තරුණ පෙළට මහඟු මෙහෙයක් කළ හැකි බැවිණි.


    ශී‍්‍ර ලංකාව සාමය දිනා ගත්තේ අප රටේ තරුණයින්ට කරදර හිංසා ඇතුළු අනේක බාධක ඇති කළ තිස් වසරක ආයුධ සන්නද්ධ ත‍්‍රස්තවාදි අරගලයක් නිම කරමිනි.


    “අප එළඹ සිටින මේ සියවස තරුණයින්ගේය. එය දැනුම පිළිබඳ සියවසයි”; යන පාඨය ශී‍්‍ර ලංකා ජාතික ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන්ය. ජාතික සංවර්ධනයේදී තරුණ පෙළේ අදහස්වලට සවන් දීමට දක්වන උනන්දුවත් තරුණ පෙළ නඟා සිටීමට ලබා දි ඇති ප‍්‍රමුඛත්වයත් එයින් පැහැදිලි වේ.


    අද අප පිවිස සිටින්නේ තාක්ෂණයේ යුගයටයි. තොරතුරු තාක්ෂණයේ සීග‍්‍ර ප‍්‍රගතිය නිසා තරුණ පෙළට නව නිපැයුම් හා අවස්ථාවන් සමාජ සංවර්ධනය සඳහා උපයෝගි කර ගැනීමට ඇති අවස්ථාවන් වේගයෙන් වර්ධනය වී ඇත.


    මෙම සමුළුවට විවිධාංගික ජනතාවන් සහ පොහොසත් සංස්කෘතීන් සහිත රටවල් හා සමාජයන් නියෝජනය කරමින් විශාල තරුණ තරුණයින් සංඛ්‍යාවක් සහභාගී වී සිටිනු දක්නට ලැබීම මට ඉමහත් පී‍්‍රතියට හේතුවකි. මා වඩාත් සතුටු වන්නේ ශී‍්‍ර ලංකා නියෝජිත පිරිසට අප ආදීවාසීන් මෙන්ම ආබාධිත නියෝජනයක් ද ඇතුළත්වීම ගැනය.


    විදේශික නියෝජිතවරුන් සතුටින් පිළිගන්නා මම, ඔබ සැම මෙරටේ ජනතාවගේ මිත‍්‍රත්වය සහ ආගන්තුක සත්කාරය භුක්ති විදිනු ඇතැයි අපේක්ෂා කරමි. මෙම සමුළුවේ සාර්ථකත්වය සඳහා විවිධ මෙහෙවර ඉටුකළ සංවිධාන හා පුද්ගලයින්ට මාගේ ප‍්‍රශංසාව හිමිවේ.


    අද ලෝකයේ තරුණ මෙහෙවර සහ ඔවුන්ගේ සුබ සාධනය උදෙසා කාර්යභාරයක් කිරීමට 2014 ලෝක තරුණ සමුළුව දරණ ප‍්‍රයන්තයන් සාර්ථක වේවායි මම ප‍්‍රාර්ථනා කරමි.


    HC/PS&IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya