අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී නායකත්වය නිසා මේ රටේ ජනතාවට සහන රැසක් ලබා දීමට මෙවර අය-වැයෙන් හැකි වූ බවත් ඉන් එක් සහනයක් ලෙස විදුලි බිල අඩුකිරීම පෙන්වා දිය හැකි බවත් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේ දී 2015 අය-වැය යෝජනා පිළිබඳ තම අදහස් මාධ්‍ය වෙත දක්වමින් පැවසුවාය.

    විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් මේ රටේ සියලු ජන කොටස් මෙන් ම සියලු අංශ නියෝජනය වන පරිදි සහන රැසක් මෙවර අය-වැයෙන් ලබා දී ඇතැයි අද (24) පාර්ලිමේන්තුවේදී අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව තම අදහස් මාධ්‍ය වෙත දක්වමින් සිවිල් ගුවන්සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පැවසීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙවර අය-වැය මඟින් මේ රටේ කරණවෑමියාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා අවශ්‍යතා සොයා බලා සහන ලබා දී තිබෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇත්තේ ජනතාවාදී අය-වැයක් බවත් සියලු ම ජනතාව ඉලක්ක කර ගනිමින් මේ අය-වැයෙන් සහන ලබා දී ඇති බවත් මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනතාවාදී අය-වැයක්

    ඔක්තෝබර් 24, 2014

    මෙවර අය-වැය ජනතාවාදී අය-වැයක් බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මෙවර අයවැය රජය විසින් සිදු කරන ලද සංවර්ධන වැඩපිළිවෙළ ඊයේ, අද සහ හෙට වශයෙන් පැහැදිලි දැක්මක් සහිත ව ඉදිරිපත් කරන ලද සංවර්ධනාත්මක අය-වැයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ජනාධිපති, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 වසර සඳහා වන අය-වැය යෝජනා සහිත බ්‍රීෆ් කේසය ද රැගෙන පාර්ලිමේන්තු පරිශ්‍රයට මීට සුළු මොහොතකට පෙර (පස්වරු 01.11ට පමණ) ළඟා විණි.

    නිදහස් ලංකාවේ 69 වැනි අය-වැය ලේඛනය වූ ද ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවනවර ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කෙරෙන සිව්වන අය-වැය ‍ලේඛනය වූ ද 2015 සඳහා වන අය-වැය යෝජනා අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුව සභාවට ඉදිරිපත් කරයි.

    2015 වසරට අදාළ අය-වැය ලේඛනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    2015  වසරේ අය-වැය යෝජනාවන් සාර්ථක කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කිරීමට  ශ්‍රී ලංකා පරිපාලන සේවයේ සියලුම නිලධාරීන් ලබන 26 වන දින ප.ව. 3.30ට කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රංගශාලාවට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කැඳවා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya