මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 5 වැනි දිනය වන අද (08) අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.

    ඛනිජතෙල් සංස්ථාව පාඩුව අවම කර ලාභ ලබන මට්ටමට පැමිණ තිබෙන බවත් තෙල් ගෙන්වීමේදී ටෙන්ඩර් පටිපාටිය නිසි පරිදි අනුගමනය කරන බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    ගල්අඟුරු බලාගාර පිළිබඳ ව 1987 සිට 2005 දක්වා නිසි ප්‍රතිපත්තියක් තිබුණේ නැති බවත් නියමිත අවස්ථාවේ ගල්අඟුරු බලාගාර ආරම්භ කළා නම් විශාල වියදමක් නතර කරන්න තිබුණ බවත් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජ්‍යේෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න මහතා පවසයි.

    මොන අභියෝග ආවත් ඉහළ කොත්මලේ බලාගාරය ඇති කිරීමේ හැකියාවත් නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේ හැකියාවත් තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

    ඛනිජතෙල් ආනයනය හා බෙදා හැරීම වෙනුවෙන් රජය වසරකට විශාල මුදලක් වැය කරන බවත් තෙල් ආනයනය පහසු නොවන අතර ඛනිජතෙල් ආනයනයේදී විනිවිදභාවයෙන් යුතු ව කටයුතු කරන බවත් ඛනිජතෙල් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා පවසයි.

    අද (07) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) 2015 යටතේ විවාදයට ගත් මහා මාර්ග, වරාය හා නාවික අමාත්‍යාංශය, සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් සම්මත විය.

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 4 වැනි දිනය වන අද (07) අමාත්‍යාංශ හතරක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.

    මගේ තිබෙන වත්කම් බලන්න ඕනෑ ම වේලාවක එන්න කියා විපක්ෂයට අභියෝග කරන බවත් මම හැම විට ම විවෘත නිසා කිසි ප්‍රශ්නයක් ඇති නොවන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පවසයි.

    අද රටේ විදුලි සැපයුම 98%ක් වී ඇති අතර එය පාරිභෝගික සංඛ්‍යාව අනුව මිලියන 5.5ක් බවත් පසුගිය වසර 9 තුළ නිවාස පමණක් ලක්ෂ 20කට විදුලිය ලබා දී ඇති බවත් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

    මහින්ද රාජපක්ෂ මැතිතුමා තුන් වෙනි වරටත් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ 31 වෙනි වරටත් මැතිවරණයෙන් පරාජය වී වාර්තාවක් තබන බවත් මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya