මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) අද යුද්ධයට මුදල් වෙන් නොකරන තත්ත්වය රටේ නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවත් මුළු ආර්ථිකය ම යුද ආර්ථිකයක් තිබූ රටක් වන අතර අද වන විට මුළු ආර්ථිකය ම සංවර්ධනයට, සුබසාධනයට යොදවන තැනට අපේ රට පත්කර ගැනීමට හැකි වී තිබෙන බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් අවසන් දිනය වන අද (24) මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පවත්වන අතර එම විවාදය අවසානයේ 2015 අය-වැය යෝජනා සඳහා ඡන්ද විමසීම පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත ව තිබේ.

    අද (24) පැවැත්වෙන 2015 අය-වැය ඡන්දය ජය ගැනීමට කවුරුන් පක්ෂය අතහැර ගියත් එහි කිසිදු බලපෑමක් ආණ්ඩු පක්ෂයට ඇති නොවන බව පාර්ලිමේන්තුවේ සභානායක, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 16 වැනි දිනය වූ ඊයේ (21) ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත්වුණ අතර විවාදය අවසානයේ සියලු වැය ශීර්ෂයන් සංශෝධන රහිත ව සම්මත විණි.

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) වරදකරුවන් සඳහා බන්ධනාගාරවල ඇති තදබදය අඩු කරන්න කටයුතු යොදමින් පවතින බවත් රටේ ආර්ථිකයට රැඳවියන් දායක කර ගැනීමේ අරමුණින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් 2015දී ලක්ෂ 01ක් සඳහා ඉඩම් කැබලි ලබා දෙන්න රුපියල් මිලියන 500ක් වැය කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) දෙමළ ජනතාවගෙන් 99%කට ඔප්පු ලබා දී තිබෙන බවත් උතුරේ සිංහල ජනතාව පදිංචි කර ඇති බවට ඇතැමුන් නඟන චෝදනා අසත්‍ය බවත් නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) යාපනයේ ජනතාවගෙන් 20,000කට ඉඩම් ඔප්පු ලබා දී ඇති බවත් බිම් අඟලක හරි ඉඩම් අයිතියක් තිබෙන ජනතාවට එම ඉඩම්වල නීත්‍යනුකූල අයිතිය ලබා දීම සිදුකරන බවත් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

    නිදහසින් පසු අපේ රටට මානව සම්පත් පිළිබඳ ප්‍රතිපත්තියක් තිබුණේ නැති බවත් එය සකස් කිරීමට මේ රජය කටයුතු කර තිබෙන බවත් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

    රාජ්‍ය සේවකයන්ට මුහණ පෑමට සිදු වන ගැටලු නිරාකරණය කර ගැනීමට අධිකරණයට යා හැකි තත්ත්වයක් නිර්මාණය කරන බව යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya