අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාපයට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයෙකු නොමැති වීම ගැන කනගාටුයි

    නොවැම්බර් 24, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජනාධිපතිවරණය සඳහා එජාපයට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයෙකු නොමැති වීම ගැන කනගාටු වන බවත් ඩී.ඇස්. සේනානායක මහතා හැදූ මේ පක්ෂයට අපේක්ෂකයකු ඉදිරිපත් කරගත නොහැකිව රටක් පාලනය කරන්නේ කොහොමද? යන්නත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ප්‍රශ්න කරයි.


    අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

    අද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 102, 237, 252, 280, 296, 323, 324 හා 329 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    හොඳ අයවැයක් ඉදිරිපත් කර රටට සේවය කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තූතිය පළ කරනවා. මෙය ප්‍රයෝජනවත්, ආදර්ශමත් අයවැයක්. විපක්ෂය ඕනෑ ම හොඳ දෙයක් හොඳයි කියා කියනවද? කවදාකවත් එසේ කියා නැහැ. ජනතාව වෙනුවෙන් කළ යෝජනා කිසිවක් ගැන ඔවුන් කතා කර නැතැයි ඔහු කීය.

    මාර්ග, පාලම් හදා තිබෙනවා. රජය හරි මග යාමට නිසි විවේචනයක් කළ යුතු වුවත් විපක්ෂය කවදාකවත් එසේ කර නැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට එපා කියා කියනවා. විධායකයක් නැතුව රටක් පාලනය කරන්න පුළුවන්ද? මේ ක්‍රමය නොතිබුණා නම් යුද්ධය අවසන් කරන්නට පුළුවන්ද? රට සංවර්ධනය කළ හැකිද? ජනාධිපතිතුමා නැතිව රට පාලනය කරන්නට පුළුවන් කාටද? එතුමා නැත්තම් මේ රට පාලනය කරන්නට පුළුවන් කෙනෙක් නැහැ. එතුමා තමයි පොදු අපේක්ෂකයා. ආගම්, ජාති භේද ඇති කර රට විනාශ කිරීමට කරන කටයුතු නතර කිරීමට හැක්කේ එතුමාට පමණයි. විධායක ජනාධිපති ධූරය අහෝසි කර විධායක අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට දෙන්නේ ඇයි? මෛත්‍රීපාල සිරිසේන මහතාට බැරි නිසයි එහෙම කරන්නේ.  මේ රටේ පොදු ජනතාව ජනාධිපතිතුමා නැවත පත් කරන බවත් බොරුකාරයන්, රැවටිලිකාරයන් දාගෙන ඉදිරියට යන්න පුළුවන් ද කියා අසන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya