මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද අය-වැය ඡන්දය ජයගැනීමට කිසි ම බාධාවක් නෑ

    නොවැම්බර් 24, 2014

    අද (24) පැවැත්වෙන 2015 අය-වැය ඡන්දය ජය ගැනීමට කවුරුන් පක්ෂය අතහැර ගියත් එහි කිසිදු බලපෑමක් ආණ්ඩු පක්ෂයට ඇති නොවන බව පාර්ලිමේන්තුවේ සභානායක, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

    ඉහළ වැඩි ඡන්ද ගණනකින් මෙවරත් අයවැය සම්මත කරගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සෙනසුරාදා (22) පැවැති මාධ්‍ය හමුවේදි ය.

     

    දෙතුන් දෙනෙක් පක්ෂය අතහැර ගියත් රජයට තවමත් ඕනෑ ම පනතක් හෝ යෝජනාවක් සම්මත කරගැනීමට අවශ්‍ය තුනෙන් දෙකේ බහුතර බලය තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා යැයි ඔවුන් පැවැත් වු මාධ්‍ය හමුවේදී පැවසීම එතුමන් කළ ලොකු ම විහිළුව බවත් පක්ෂ මහ ලේකම් තනතුර පමණක් නො ව ඔහුගේ පක්ෂ සාමාජිකත්වයද මේ වන විටත් තහනම් කර ඇති බව පැවසීය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya