අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය: අමාත්‍යංශ තුනක වැය ශීර්ෂයන් සම්මත වේ

    නොවැම්බර් 22, 2014

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 16 වැනි දිනය වූ ඊයේ (21) ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත්වුණ අතර විවාදය අවසානයේ සියලු වැය ශීර්ෂයන් සංශෝධන රහිත ව සම්මත විණි.



    ඒ යටතේ

    ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 3,500,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 3,500,000,000ක් වැය ශීර්ෂ 153 හා 286 සිට 288 හා 327 යටතේ අනුමත කරගැනීමට ද

    අධිකරණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 5,163,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 1,600,000,000ක් වැය ශීර්ෂ 110, 228, 231 හා 233 සිට 235 යටතේ අනුමත කරගැනීමට ද


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 5,393,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 2,600,000,000ක් වැය ශීර්ෂ 174, 232 හා 326 යටතේ අනුමත කරගැනීමට ද ඊයේ විවාදය පැවැත් විණි.


    පෙරවරු 10.00 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වුණු විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඉහත අමාත්‍යංශවල වැය ශීර්ෂයන්ට කාරක සභාවේ එකඟත්වය විමසීමෙන් පසු ව එයට අනුමැතිය පළවිය.


    අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත අමාත්‍යංශ එකොළහට අයත් වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන රහිත ව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සභාවට දැනුම් දෙන ලදී.

    පාර්ලිමේන්තුව ලබන 24 වැනි සඳුදා පෙරවරු 9.30ට නැවත රැස් වේ.

    HC/NDH

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 16 වැනි දිනය වූ

    ඊයේ (21) ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ

    අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත්වුණ අතර විවාදය අවසානයේ සියලු වැය ශීර්ෂයන්

    සංශෝධන රහිත ව සම්මත විණි.


    ඒ යටතේ

    ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 3,500,000,000ක් ද මූලධන වියදම් සඳහා රු.

    3,500,000,000ක් වැය ශීර්ෂ 153 හා 286 සිට 288 හා 327 යටතේ අනුමත කරගැනීමට ද

    අධිකරණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 5,163,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 1,600,000,000ක් වැය

    ශීර්ෂ 110, 228, 231 හා 233 සිට 235 යටතේ අනුමත කරගැනීමට ද


    පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 5,393,000,000ක් ද මූලධන වියදම්

    සඳහා රු. 2,600,000,000ක් වැය ශීර්ෂ 174, 232 හා 326 යටතේ අනුමත කරගැනීමට ද ඊයේ විවාදය පැවැත් විණි.


    පෙරවරු 10.00 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වුණු විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව

    නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඉහත අමාත්‍යංශවල වැය ශීර්ෂයන්ට කාරක සභාවේ එකඟත්වය විමසීමෙන්

    පසු ව එයට අනුමැතිය පළවිය.


    අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත අමාත්‍යංශ එකොළහට අයත් වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා

    සංශෝධන රහිත ව සම්මත වූ බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා සභාවට දැනුම් දෙන ලදී.

    පාර්ලිමේන්තුව ලබන 24 වැනි සඳුදා පෙරවරු 9.30ට නැවත රැස් වේ.

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya