මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකයට රැඳවියන් දායක කර ගැනීමේ අරමුණින් වැඩසටහන්

    නොවැම්බර් 21, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) වරදකරුවන් සඳහා බන්ධනාගාරවල ඇති තදබදය අඩු කරන්න කටයුතු යොදමින් පවතින බවත් රටේ ආර්ථිකයට රැඳවියන් දායක කර ගැනීමේ අරමුණින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි මුතුකුමාරණ මහතා පවසයි.



    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ 153, 286, 288 හා 327 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    රැඳවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අලුත් බන්ධනාගාර ඉදිකරන්න කටයුතු යොදා ඇත. බන්ධනාගාර, බන්ධනාගාර සංකීර්ණයක් බවට පත්කරමින් රාජකාරී කරන නිලධාරීන්ටත් පහසුවක් ලැබෙන පරිදි නවීකරණය කිරීමට කටයුතු යොදා තිබේ. අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය සඳහා රුපියල් මිලියන 4996ක් වැය කර තිබේ. මේ තුළ පිහිනුම් තටාක, ළදරු පාසල් මෙන් ම ගම හා සම්බන්ධ කරමින් ඉදිකිරීම් කර ඇත. ත්‍රීකුණාමලයේ හා මාතර බන්ධනාගාරවල තදබදය අඩු කරන්නත් මේ වන විට සැලසුම් කර ඇති බව ඔහු කීය.

    23,000ක් පමණ වන රැඳවියන්ගේ නඩත්තුව සඳහා රටේ ජාතික ධනය වැය කරන්න සිදු වී ඇත. ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ස්වයං සැපයුම් මට්ටම දක්වා රැඳවියන්ගේ නඩත්තුවට අවශ්‍ය ආහාර, එළවළු, පලතුරු ආදිය බන්ධනාගාර පරිශ්‍රය තුළ ම නිෂ්පාදනය කිරීම කර ගෙන යනවා. ඒ සඳහා සිරගත ශ්‍රමිකයන් රටේ ආර්ථිකයට දායකත්වය ලබා දෙනවා. අද බන්ධනාගාර, පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කරමින් රැඳවියන්ට අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය ලබා දෙමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya