අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවක ගැටලු ගැන අධිකරණයට යා හැකි තත්ත්වයක් නිර්මාණය කරනවා

    නොවැම්බර් 20, 2014

    රාජ්‍ය සේවකයන්ට මුහණ පෑමට සිදු වන ගැටලු නිරාකරණය කර ගැනීමට අධිකරණයට යා හැකි තත්ත්වයක් නිර්මාණය කරන බව යහපාලනය හා යටිතල පහසුකම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

     

    අද පස්වරුවේ විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද යහ පාලනය හා යටිතල පහසුකම්, මානව සම්පත්, ග්‍රාමීය කටයුතු, ආහාර සුරක්ෂිතතා, නාගරික කටයුතු, සමාජ සුබසාධන, පාරිභෝගික සුබසාධන, ජාතික සම්පත්, විද්‍යාත්මක කටයුතු හා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

     

    අපේ අමාත්‍යාංශයට අදාළ ව උපදේශක කාරක සභාවක් පත් කිරීමට ගියවර අය-වැය විවාදයේදී යෝජනා වුණා. නමුත් අපේ අමාත්‍යාංශයට නිශ්චිත දෙපාර්තමේන්තුවක් හෝ ආයතනයක් නැහැ. උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්ති අනුව නිශ්චිත ආයතනයක් තිබිය යුතුයි. එසේ නොමැති ව උපදේශක කාරක සභාවක් පත් කිරීමට හැකි නම් එයට මාගේ  විරුද්ධත්වයක් නැති බව ද ඔහු අවධාරණය කළේය.

     

    අපේ අමාත්‍යාංශය ලෝක කම්කරු සංවිධානය සමඟ එක් වෙලා සේවකයන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ව්‍යාපෘතියක් සකස් කළා. එමඟින් අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පළමු අදියර ක්‍රියාත්මක කරනවා. සේවක ගැටලු, සේවකයන්ට එන බලපෑම් පිළිබඳ ව මෙහිදී සොයා බලා පියවර ගන්නවා. පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ගැටලුවල දී උසාවි පවා යෑමට හැකියාව තිබෙනවා. නමුත් රාජ්‍ය අංශයේ සේවක ගැටලුවලදී රාජ්‍ය සේවා කොමිසම පමණයි තිබෙන්නේ. එම නිසා අපි රාජ්‍ය සේවකයන්ට සිදු වන ගැටලු නිරාකරණය කර ගැනීමට උසාවියට යා හැකි තත්ත්වයක් නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව ද  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya