මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂාව ඉගෙන ගත් රාජ්‍ය නිලධාරීන් තම සේවය සඳහා එම දැනුම යොදා ගන්නේ සුළු වශයෙන්

    නොවැම්බර් 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) භාෂාව ඉගෙන ගත් රාජ්‍ය නිලධාරීන් තම සේවය සඳහා එම දැනුම යොදා ගන්නේ සුළු වශයෙන් නිසා එය කනගාටුවට කරුණක් බවත් රාජකාරී සඳහා ඉගෙනගත් භාෂාව යොදා ගැනීමට බලකිරීමක් හෝ පසු විපරමක් කිරීමට නොහැකි බවත් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.


    පුනරුත්ථාපනය කරන ලද එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ටත් සිංහල භාෂාව ඉගැන්වුවා. දෙමළ ජනතාව සිටින ප්‍රදේශවල රාජකාරියේ නිරත වන වෛද්‍යවරුන් සඳහා ඔවුන්ගේ වෘත්තිය කර ගෙන යාමට අවශ්‍ය නිසා දෙමළ භාෂාව උගන්වන්න කටයුතු කරනවා. මේ සඳහා භාෂා සංගම්වලින්ද විශාල දායකත්වයක් තියෙනවා. ජනතාව අතර විශාල උද්යෝගයක් ඇති නිසා ඒ සංගම් හරහා ඉල්ලීමක් කරන්නේ නම් භාෂාව ඉගැන්වීම සඳහා නොමිලේ උපදේශකයන් ලබා දිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද බුද්ධශාසන හා ආගමික කටයුතු, තැපැල් සේවා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන, පුද්ගලික ප්‍රවාහන සේවා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ජාතික උරුමයන් පිළිබඳ, තාක්ෂණ හා පර්යේෂණ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික හා කලා කටයුතු යන ෙඅමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    ද්විභාෂා ප්‍රදේශ ලෙස හඳුන්වා ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ භාෂා ගැටලුව පවතී. මේවායේ රාජකාරී කරන්න භාෂා 02ක් දන්නා අය මදි බවත් පොලිසිය, රජයේ රෝහල්වල මේ ගැටලු ව වැඩි වශයෙන් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය. සිංහල භාෂා නිලධාරීන්ට දෙමළ භාෂාව ඉගෙන ගැනීම වඩාත් පරිපූර්ණ පාඨමාලාවක් හරහා සිදු කළ යුතුයි. එය දීර්ඝ කාර්යයක්. ඒ නිසා කළ යුත්තේ දෙමළ භාෂාව දන්නා අය වැඩි වශයෙන් රාජකාරී සඳහා බඳවා ගැනීම බවත් ඒ අනුව උතුරු ප්‍රදේශයේ රාජකාරී සඳහා පොලිසියට 3000ක් පමණ බඳවා ගත් බවත් ඔහු කීය.

    දෙමළ ජාතීන් නොවන දෙමළ භාෂාව හොඳින් දන්නා අයද රාජකාරී සඳහා බඳවා ගත යුතුයි. ඉගෙනගත් පමණින් ම සිංහල භාෂා නිලධාරීන්ට දෙමළ භාෂාවෙන් රාජකාරී කළ නොහැක. රාජ්‍ය සේවයට බැඳෙනවා නම් ද්විභාෂාව අනිවාර්යය බව සඳහන් කරනවා නම් මේ ගැටලුව විසඳා ගත හැකි බව ද ඔහු කීය.

    ජාතික සමඟිය ඇති කිරීම අපේ රජයේ එක් අරමුණකි. ඒ නිසා දිස්ත්‍රික් පදනමින් කුසලතා මත රාජ්‍ය සේවයට බඳවා ගන්නවා නම් ඒ ඒ දිස්ත්‍රික්කවල රාජකාරී කිරීම පහසුයි. ජනවර්ගය අනුව රැකියා අවස්ථා ලබා දිය යුතුයි. බඳවා ගන්නා සියලු දෙනාට ද්විභාෂාව අනිවාර්ය කළ යුතුයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ කොතරම් උත්සාහ ගත්තත් බස්වල සඳහන් පුවරු ද්විභාෂාවෙන් සකස් කිරීමට මේ තාක් කළ නොහැකි වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya