මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු තාක්ෂණය මත පදනම් වූ රැකියා ලක්ෂයක් ලබන වසරේදී

    නොවැම්බර් 19, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) තොරතුරු තාක්ෂණය මත පදනම් වූ රැකියා ලක්ෂයක් ලබන වසරේ ඇති කිරීමේ වගකීමක් ඇති බවත් තොරතුරු තාක්ෂණයෙන් 2016 දී ඩොලර් බිලියන 01ක් ද 2020දී ඩොලර් බිලියන 05ක් ද වර්ධනය කර ගැනීම අරමුණ බවත් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.


    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද බුද්ධශාසන හා ආගමික කටයුතු, තැපැල් සේවා, ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා, රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන, පුද්ගලික ප්‍රවාහන සේවා, මහජන සම්බන්ධතා හා මහජන කටයුතු, රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ, ජාතික උරුමයන් පිළිබඳ, තාක්ෂණ හා පර්යේෂණ, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික හා කලා කටයුතු යන අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    නව ආයෝජන කැඳවා ගැනීමේ වගකීම අප සතුයි. විදුලි සංදේශ සේවාව ශක්තිමත් තත්ත්වයට පත් ව ඇත. රටේ සිටින ජනගහනයට සාපේක්ෂව දුරකතන ප්‍රමාණය වැඩියි. 2004දී 4%ක් වූ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව අද 50% පසුකර ඇත. එදා සියයක් ගත්විට නගරයේ 03 දෙනෙකු ද ගමේ එක් අයෙකු ද තොරතුරු තාක්ෂණය ගැන දැන සිටියා. 2005 ජනවාරි 01 මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස සිටි කාලයේ නැණසල ව්‍යාපෘතිය කතරගම කිරිවෙහෙරෙන් ආරම්භ කරමින් තොරතුරු තාක්ෂණය ගමට ගෙන යන වැඩපිළිවෙළ ඇරඹූ බව ඔහු පෙන්වා දුන්නේය.

    ඊයේ නැණසල 900 වෙනි මධ්‍යස්ථානය නාරාහේන්පිටදී විවෘත කළා. ලොව වැඩි වේගයෙන් තොරතුරු තාක්ෂණය සාමාන්‍ය ජනතාව අතරට ගෙන ගිය රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා ඇත. 93,000ක් ව පැවති අන්තර්ජාල සම්බන්ධතාව අද 2,012,000 දක්වා වැඩි තරගකාරිත්වයක් තුළ ගෙන යන්න හැකි වෙලා තියෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් ශක්තිමත් ආයතනයක් ලෙස කටයුතු කරමින් පවතී. පෞද්ගලික අංශයේ වැඩි ම තරගකාරිත්වයකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. රුපියල් බිලියන ගණනක් මහා භාණ්ඩාගාරය වෙත යවන්නත් මේ ආයතනයට හැකි වී තිබෙන බවත් ඔහු කීය.

    ග්‍රාමීය පාසල් සඳහා මිස්සක නැණපියස වැඩසටහන 2012 ඇඹුවේ අනුරාධපුර, මැදවච්චිය, පදවිය වැනි කුඩා පාසල් පාදක කර ගෙනයි. තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන 119ක් මේ පාසල්වල විවෘත කරන්න හැකි වුණා. 2014දී දිස්ත්‍රික් තොරතුරු මධ්‍යස්ථාන රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් අරඹමින් යාපනය, මන්නාරම හා අම්පාරේ මේ මධ්‍යස්ථාන ස්ථාපිත කෙරිණි. අපේ ඉල්ක්කය හැම පළාතක ම හැම දිස්ත්‍රික්කයක ම මේ වසර ඇතුළත දිස්ත්‍රික් තොරතුරු මධ්‍යස්ථාන ඇරඹීමයි. දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනය යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කරන්න ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ සිදු කළා. 2015 දී දැයට කිරුළෙන් මාතරට රුපියල් බිලියන 05ක් වෙන් කරමින් මාතර නගරය හා ඒ අවට සංවර්ධනය කරන්න කටයුතු කරනවා. ස්ථිර වහලවල් නැති හැම නිවසකට ම ස්ථිර වහලවල් ලබා දීමේ වැඩපිළිවෙළක් ද 2015 ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya