Print this page

අය-වැයෙන් සමාජ සේවා අමාත්‍යංශයට මිලියන 5,000ක්

නොවැම්බර් 18, 2014

(දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) මෙවර අය-වැයෙන් සමාජ සේවා අමාත්‍යංශය සඳහා රුපියල් මිලියන 5,000ක් වෙන් කර ඇති බවත් වැඩිහිටියන්ට, ආබාධිතයන්ට, විශාදය, තැලසීමියාව වැනි රෝග තිබෙන අයටත් සමාජ සේවා අමාත්‍යාංශයෙන් උපකාර කරන බවත් සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

මේ ඉදිරිපත් කරන්නේ 69 වැනි අය-වැයයි. 70 වැනි අය-වැයත් ඉදිරිපත් කරන්නේ අපියි. අපගේ අමාත්‍යාංශයට මුලින් වෙන් කළේ රුපියල් මිලියන 750යි. මෙවර එය වැඩිකර තිබෙනවා. සමාජසේවා විද්‍යාලය මඟින් වැඩිහිටියන් සඳහා ආවතේවකරුවන් පුහුණු කරනවා. මෙවැනි අයට හොඳ ඉල්ලුමක් තිබෙනවා. වැඩිහිටි නිවාස ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 200ක් වෙන් කළා. මේ මිනිස්සුන්ට මානසික සහනයක් අවශ්‍යයි.ඒ ගැනත් අවධානය යොමු කර තිබෙනවා. වැඩිහිටි ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පතුවලට 12%ක පොලියක් ලබා දීමට මහාභාණ්ඩාගාරය මැදිහත් වී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.

NDH/HC