මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අක්කර 125ක ඉදිකළ කුළුබඩු අරණක් මාතලේ දී විවෘත කරනවා

    නොවැම්බර් 18, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) ආසියාවේ කුළුබඩු වර්ග එකතැන වැවීමෙන් අක්කර 125ක භූමි ප්‍රමාණයක ඉදිකරන ලද කුළුබඩු අරණක් මාතලේ ඇති බවත් එය ලබන මස විවෘත කරන බවත් සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    කුරුඳු පර්යේෂණ ආයතනයක් ආරම්භ කර ඇත. අපනයන බෝග සංවර්ධන සැලසුමක් ලබන 21 දින ජනාධිපතිතුමා අතට ලබා දෙන්න අදහස් කරන බවත් ඔහු සඳහන් කළේය.

    මෙවර සුළු අපනයන බෝගවලින් රුපියල් මිලියන 40ක් උපයන්න හැකි වෙලා. මේ සඳහා වගා කරන ඉඩම් ප්‍රමාණය වැඩි කළ යුතුයි. වගාව සඳහා ප්‍රමාණවත් ඉඩම් නැහැ. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් පවතින නිසා පර්යේෂණ අංශය මඟින් නව බීජ හඳුන්වා දෙන්න කටයුතු කරමින් පවතී. ඉඩම් හිඟය විසඳගන්න මිශ්‍රබෝග වගාව හඳුන්වා දීමට කටයුතු යොදා ඇත. මාතලේ රබර් ඉඩම්වල කුරුඳු හා කෝපි වගාව. පොල් වගා ඉඩම්වල කුරුඳු, ඉඟුරු, කෝපි, කහ වගාව සිදු කරන බවත් මහා පරිමාණ වතු හා කුඩා ගෙවතු මේ වගා ප්‍රචලිත කිරීමට යොදා ගෙන ඇති බවත් ඔහු කීය.

    මහා පරිමාණ වතු හිමියන් දැන් කුරුඳු හා ගම්මිරිස් වගා සඳහා යොමු වී ඇත්තේ ඉන් විශාල ආදායමක් ලැබෙන නිසයි. මාතර, ගිනිගත්හේන, රත්නපුර මේ ක්‍රමවේද ප්‍රචලිත වෙන්න පටන් අරන්. සුළු අපනයන බෝග පැළ සඳහාත් දැඩි ඉල්ලුමක් පවතී. දිවි නැඟුම මඟින් දෙන අමතර ශක්තිය නිසා ගම්මිරිස්, කුරුඳු, කෝපි පැළ ප්‍රචලිත කරන්න හැකි වෙලා තියෙනවා. අමුද්‍රව්‍ය ලෙස පිටරට පැටවීමෙන් ලාභ ලැබිය හැකි නිසා පෞද්ගලික අංශයේ මේ සඳහා වැඩි නැඹුරුවක් පවතී. කර්මාන්ත සහා යන්ත්‍රසූත්‍ර භාවිතය වැඩිවෙලා. ඉදිරියේදී එක් එක් වගාවන් සඳහා ගම්මාන ඇති කරන්න අපේක්ෂා කරනවා. ඒ අනුව කළුතර, බඳුරලිය සාදික්කා වගා ගම්මානයක්, ගොඩගම, පරගොඩ ගොරක ගම්මානයක් ඉදිකර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya