අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චියේ විශ්වවිද්‍යාල පීඨයක් ඉදිකිරීමට ගත් තීරණයට පැසසුම්

    නොවැම්බර් 17, 2014

    රැකියා සඳහා ගැළපෙන පරිදි උසස් අධ්‍යාපනය ක්‍රමවත් කළ යුතු බවත් කිලිනොච්චියේ විශ්වවිද්‍යාල පීඨයක් ඉදිකිරීමට ගත් තීරණය ගැන ප්‍රශංසා කරන බවත් පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.


    මුරුගේසු මහතා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද පස්වරුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ 171 හා 214 වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

    උසස් අධ්‍යාපනය ලබන සමහර අය අවසානයේ සේවය කරන්නේ විදේශ රටවලයි. යුද්ධය නිසා උතුරේ අධ්‍යාපනයට යම් හානියක් වුණත් අද ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා. මුදල, උද්ධමනය සමඟ ගළපන විට ගිය වසරට වඩා අඩු වී තිබෙනවා. එසේ ම අමාත්‍යාංශවලට වෙන් කරන මුදල් වෙනත් කටයුතුවලට යෙදවීමට මුදල් ලේකම්වරයාට පනතින් බලය තිබෙන නිසා මේ මුදල් ප්‍රමාණයත් අඩුකළ හැකි යැයි ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya