අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය කාරක සභා අවස්ථා‍වේ විවාද‍යේ ‍එකොළොස් වැනි දිනය අද‍

    නොවැම්බර් 15, 2014

    විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 11 වැනි දිනය වන අද (15) අමාත්‍යාංශ තුනක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත් ‍වේ.


    පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බේ.


    පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 191,250,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 43,436,640,000ක් ද අනුමත කරගැනීමට ද

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 100,995,751,000ක් ද මූලධන වියදම් සඳහා රු. 38,499,180,000ක් ද අනුමත කරගැනීමට ද

    දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 1,150,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 800,000,000ක් ද අනුමත කරගැනීම‍ට ද ආණ්ඩු පක්ෂය අ‍පේක්ෂා කරයි.


    ‍අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ 130, 312 සිට 319 හා 321 වැය ශීර්ෂයන් විවාදයට ගනු ලබන අතර පස්වරු 1.00 සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ 111 දක්වා වැය ශීර්ෂය ද සොඛ්‍ය අමාත්‍යංශයේ 138, 220 දක්වා වැය ශීර්ෂයන් ද විවාදයට ගැනේ. එම විවාදය පස්වරු 6.30 දක්වා පැවැත්වේ.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya