මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂයන් සම්මත වේ

    නොවැම්බර් 15, 2014

    ඊයේ (14) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත (අය-වැය) 2015 යටතේ විවාදයට ගත් විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය යන අමාත්‍යංශවල වැය ශීර්ෂයන් සම්මත විය.


    ඊයේ පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අතර එම විවාදයෙන් අනතුරු ව ඊයේ පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.


    අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව නියෝජ්‍ය කාරක සභා සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් 112 වැය ශීර්ෂයට ද ඉදිකිරීම්, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයට අයත් 122, 210, 211 වැය ශීර්ෂයන්ට කාරක සභාවේ එකඟත්වය විමසීමෙන් පසු ව එයට අනුමැතිය පළවිය.


    අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත අමාත්‍යංශ දෙකට අයත් වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන රහිත ව සම්මත වූ බව නියෝජ්‍ය කාරක සභා සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර් මහතා සභාවට දැනුම් දෙන ලදී.


    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya