අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුරෝපා කොමිසමේ අධිකරණ බලයට ශ්‍රී ලංකාව යටත් කිරීමට ඉඩ දෙන්නේ නෑ

    නොවැම්බර් 14, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) යුරෝපා කොමිසමේ අධිකරණ බලයට ශ්‍රී ලංකාව යටත් කිරීමට ඉඩනොදෙන බවත් ශී‍්‍ර ලංකාවේ ගෞරවය ජාත්‍යන්තරය හමුවේ ආරක්‍ෂා කර ගැනීමට ගතහැකි සෑම පියවරක් ම ගන්නා බවත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරු 10.00 සිට 12.30 දක්වා විදේශ කටයුතු අමාත්‍යංශයේ 112 වැය ශීර්ෂය විවාදයට ගැනිණි.

    විදේශීය අධිකරණයක බලයට යටත්වීමට අපට අවශ්‍යතාවක් නැහැ. පාර්ශවකරුවන් වීමටත් අපට අවශ්‍යතාවක් නැහැ.ඒ නිසා වෙනස් විදිහකට අපි කටයුතු කරනවා.

    පටු දෘෂ්ටිකෝණයකින් බලා විපක්ෂය කටයුතු කළා. අපේ විදේශ ප්‍රතිපත්තිය මෙවන් අභියෝගවලට මුහුණ දුන් වෙනත් යුගයක් නැහැ. එවන් අවස්ථාවක පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල සහය ලබාගෙන එම සමුළුව පැවැත්වූවා. ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ සහය අපිට ලැබුණා යැයි ද ඔහු කීය.

    සම්බන්ධන් මහතා බොරදියේ මාළු බාන්න උත්සාහ කළා. අපේ චීන සබඳතාව ඓතිහාසික එකක්. චීනය වාසියක් ලබා ගැනීමට කටයුතු කරන්නේ නැහැ. මෝදි අගමැතිතුමා අපේ ජනාධිපතිතුමාට කතා කළා. ඉන්දියාව, මාලේ හා ශ්‍රී ලංකාව එකතු වී සමුද්‍රය රැකිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අපේ රට යුරෝපා සංගමයේ අධිකරණයේ බලයට යටත් කරන්නේ නැහැ. මානව හිමිකම් මණ්ඩලයේ සිටින ආසියානු රටවල් 14න් 13ක් ඇමරිකානු යෝජනාවට එරෙහි වුණා. අප ටැන්සානියාවට ගියාම හිනා වුණා. සතියක් ඇතුළත ඔබාමා එහි ගියාම කතා සියල්ල  නතර වුණා. විපක්ෂයට කියන්න දෙයක් නැති නිසා එක ම බොරුව දිගටම කියනවා.

    නිල් ආර්ථිකය පිළිබඳ අපේ ප්‍රතිපත්තිය ලෝකයේ ගෞරවයට ලක්ව තිබෙනවා. එල්.ටී.ටී.ඊ.ය සමඟ සබඳතා ඇත්තේ කාටද කියා ලිපි ලේඛන සහිත ව අපට දක්වන්නට පුළුවන්. යුරෝපා අධිකරණය මඟින් කොටි තහනම ලිහිල් කිරීමට එරෙහි ව ලක් රජය අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන අතර එවැනි අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් ශ‍්‍රී ලංකාව එම නඩුවේ පාර්ශවකරුවෙකු විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya