අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ ප්‍රජාව ගොඩනැංවීමට තරුණ ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබෙනවා

    නොවැම්බර් 13, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) මෙරට ජනගහනයෙන් 28%ක් සිටින්නේ තරුණයන් බවත් එම තරුණ ප්‍රජාව ගොඩනැංවීමට, ඔවුන්ගේ විශ්වාසය ගොඩනැංවීමට මේ රජය තරුණ ප්‍රතිපත්තියක් පවා හඳුන්වාදී තිබෙන බවත් කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ නවවෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ 156 හා 215 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    පාසල් අධ්‍යාපනයට තාක්ෂණ විෂයධාරවන් එක් කොට පාසල් අධ්‍යාපනයේ සිට ම වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. මේ වන විට තරුණ තරුණියෝ 160, 000ක් පමණ වෘත්තීය පුහුණුව ලබන අතර එය ලබන වසර වන විට 190,000දක්වා වර්ධනය කිරීම යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් සකස් කර තිබෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya