අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 07ක් උතුරේ ආරම්භ කිරීමට නියමිතයි

    නොවැම්බර් 13, 2014

    වසර 30ක යුද්ධයෙන් බැට කෑ උතුරු ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අනාගතය සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 07ක් උතුරේ ආරම්භ කිරීමට නියමිත බවත් යුනිසෙෆ් ආධාර යටතේ මන්නාරමේ නව කාර්මික විද්‍යාලයක් ද ජර්මන් ආධාර යටතේ කිලිනොච්චියේ අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ද ඉදිකර ඇති බවත් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ නවවෙනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ 156 හා 215 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    ජනාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ පාසල්වලට ද වෘත්තීය පුහුණුව හඳුන්වා දී ඇත. තාක්ෂණවේදී විෂයධාරාව ආරම්භ කරන ලද දිවයිනේ පාසල් 250 සිසුන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය යටතේ ගුරුවරුන් 448 දෙනෙකු යොදවා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.

    ජාතික තරුණ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්න අප කටයුතු කළා. තරුණ පිරිස ගැන කොළඹ ප්‍රකාශය ඉදිරිපත් කරමින් ගෝලීය ප්‍රකාශයක් බවට එය පත්කරන්න මේ අමාත්‍යාංශය කටයුතු කළ අතර ජාත්‍යන්තර හා ද්ශීය පුහුණු වැඩසටහන් තරුණ ප්‍රජාවට ලබා දුන්නා. මේ අමාත්‍යාංශය යටතේ තරුණ තරුණියන් සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් අරඹා ඇත.

    සාගර විශ්වවිද්‍යාලය ආරම්භ කර දිවයින වටා ඇති සාගරයේ සම්පත් තරුණ ප්‍රජාව සඳහා ලබා දෙනවා. තරුණ සේවා වියුක්තිය අවම කරන්න කරන්න කටයුතු කරන බවත් වාර්ෂිකව අඩු ආදායම්ලාභීන් සඳහා ශිෂ්‍යත්ව 50,000ක් ලබා දෙන අතර ඉන් තෝරා ගන්නා අය සඳහාත් රුපියල් 3000 බැගින් දීමනාවක් ද ලබා දෙන බවත් ඔහු කීය.

    ග්‍රාමීය පළාත්වල තරුණ ප්‍රජාව තරුණ සහයකයන් ලෙස බඳවා ගෙන ඔවුන්ට රුපියල් 8,000ක මාසික දීමනාවක් ලබා දෙමින් කටයුතු කරනු ඇත. පෞද්ගලික ආයතනවල 163,339ක් සඳහා පුහුණුව ලබා දී ඇති අතර ඔවුන්ට NVQ සහතිකය ද ලබා දී ඇත. අවුරුදු 30ක් තිස්සේ පැවති යුද්ධයෙන් පසු අවරු 04ක් වැනි කාලයක් තුළ තරුණ සංවර්ධනය වෙනුවෙන් පියවරක් තබා ඇත. යුනිටෙක් විශ්වවිද්‍යාලය අරඹමින් උපාධිය මට්ටමට තරුණ ප්‍රජාව ඔසවා තබා ඇත. පෞද්ගලික අංශය හා සම්බන්ද විශ්වවිද්‍යාල 03ක් මේ වන විට අරඹා ඇති අතර රාජ්‍ය අංශය මඟින් ඉදිකිරීමට නියමිත වෘත්තීය විශ්වවිද්‍යාලවලින් රත්මලාන, කුලියාපිටිය වැනි විශ්වවිද්‍යාල 03ක් ආරම්භ කර පාඨමාලා ක්‍රියාත්මක කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

    NSBM හරිත විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් 2015 වසරේ නිම කරනවා. සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැවති රැකියා හිඟය අවම කර ඇත. නිපුණතා දිනයක් ප්‍රකාශයට පත් කර මේ රටේ තරුණ පුරපුර සඳහා සමෘද්ධිමත් අනාගතයක් ලබා දෙන්න මේ අමාත්‍යාංශය කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya