අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016දී විගමනික සේවයෙන් ඩොලර් බිලියන 16ක විදේශ විනිමය

    නොවැම්බර් 12, 2014

    විගමනික සේවයෙන් 2016 වන විට ඇ.ඩොලර් බිලියන 16 දක්වා විදේශ විනිමය ඉපැයීම් වැඩි කරගැනීමට අපේක්ෂා කරන බව වි‍දේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (12) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අටවෙනි දින විවාදයට එක්වෙමිනි.

    වි‍දේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශයේ 182 වැය ශීර්ෂය අද පෙරවරුවේ විවාදයට ගැනිණි.

    මහින්ද චින්තනයේ ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමාගේ අභිලාෂයන් ඉටුවන අයුරින් තම අමාත්‍යාංශය කටයුතු කළා. අද ඉතා සාර්ථක මට්ටමින් එහි කටයුතු සිදු වනවා. කොළඹ ක්‍රමය යටතේ විදෙස් රැකියා සඳහා යවන 11 වන රට ශ්‍රී ලංකාවයි. ශ්‍රම වෙළෙඳපොළෙහි ප්‍රේෂණ ඉන්දියාව, පිලිපීනය, බංග්ලාදේශය යන රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඇමරිකන් ඩොලර් මිලියන 07කි. ප්‍රේෂණ ලබා ගන්නා අඩු ම රට අපියි. අනෙක් රටවල් ඇමරිකන් ඩොලර් බිලියන 100 ඉක්මවනු ඇත. ශ්‍රම අපනයනයෙන් ලොව 03 වන තත්ත්වයට පත් කරන්න අප උත්සාහ කරනවා. පසුගියදා මෙරට ජාත්‍යන්තර සමුළු රැසක් පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සමඟ මේ සේවය සඳහා යවන කාන්තාවන්ගේ තත්ත්වය උසස් කරන්න සාකච්ඡා කළා. ප්‍රධාන වෙළෙඳපොළ මැදපෙරදිගයි. රැකියා ප්‍රවර්ධනයට අවශ්‍ය සුබසාධනය සඳහා වන අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අමාත්‍යංශයෙන් සිදු වේ. ශ්‍රමිකයන්ට අවශ්‍ය දැනුම ලබාදීමෙන් නවෝත්පාදනය සඳහා යොමු කිරීම ඉල්ලක කර ගෙන යන බව ද අමාත්‍යවරයා කීය.

    දිළිඳු බව තුරන් කිරීම අමාත්‍යාංශයේ දැක්මයි. 2010දී පිටරටින් ඇ.ඩො.බිලියන 4.5ක් ලැබුණා. 2012දී එය ඇ.ඩො. බිලියන 5.8යි. දැන් අපි ඇ.ඩො. බිලියන 07ක් ලබා ගන්නා අතර වැඩි මුදලක් සෞඛ්‍ය හා සුබසාධනය සඳහා ද යොදවයි. 2016 වන විට ඇ.ඩො. බිලියන 10ක් දක්වා විදේශ විනිමය වැඩි කරන්න අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya