Print this page

යුද්ධයෙන් පසු අපේ රටේ ප්‍රායෝගික සංවර්ධනයක් සිදු වී තිබෙනවා

නොවැම්බර් 04, 2014

යුද්ධයෙන් පසු අපේ රටේ ප්‍රායෝගික සංවර්ධනයක් ඇති වී තිබෙන බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සංවර්ධන වැඩපිළිවෙළ නිසියාකාර ව ක්‍රියාත්මක කර ඇති බවත් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

 

හදිසි නීතිය සම්මත කර ගන්න එදා අප හැමදාම මේ සභාවට රැස්වුණා. අහිංසක ජනතාවට වුණු හානිය බිම් බෝම්බවලින් ගම්වලට වුණු හානිය විශාලයි. විරෝධාර රණ විරුවන්ගේ කැපවීම නිසා යුද්ධය අවසන් කිරීමට හැකි වුණා. යුද්ධය අවසන් වූ පසු අපට අද රටේ සංවර්ධනය ගැන කතා කරන්න හැකි වී තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

එදා ගම්වල විශාල සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න යද්දී ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වුණා. අද ඇතැමුන්ට ත්‍රස්තවාදී ප්‍රශ්නය තිබුණු බව අමතක වෙලා. යුද්ධයේ ජයග්‍රහණය සිංහල ජනාතවට හෝ දකුණේ ජනතාවට පමණක් නො වේ. නැගෙනහිර ඇතුළු සියලු ම ජනතාවට යුද්ධයේ ජයග්‍රහණය හිමිවෙනවා යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

 

NDH/HC