අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.
සුජීව සේනසිංහ මහතා යූ ටියුබ් එකෙන් කතා කර තිබූ ආකාරයේ කතාවක් කරයි කියලයි මම හිතුවේ. නමුත් එතුමා එහෙම කළේ නැහැ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කතාවේ කොටස් කී සැරයක් එතුමා උපුටා දැක්වූවාද? අපගේ රජයේ සංවර්ධන වැඩසටහන් අපි කියන්න ඕන දේවල් එතුමා කිව්වා. ඩේවිඩ් කැමරන්ට යාපනයට යන්න දුන්නේ ඇයි කියා ඇහුවා. එජාප නායකත්ව මණ්ඩලයේ සාමාජික මංගල සමරවීර මහතා සිරිකොතේදී චැනල් ෆෝ සමඟ මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා. ඩේවිඩ් කැමරන් යාපනයට යාම වැරදියි කියපු එක ම මන්ත්‍රීවරයා සේනසිංහ මහතායි. මෙතුමාගේ කතාවෙන් අපිට තේරෙනවා මෙතුමා මඟ එනවා කියලා යැයි ද ඔහු කීය.
ජනාධිපතිතුමාගේ උපදේශකවරුන්ගේ වැටුප් ගැන කතා කළා. රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයෙන් ගෙනවිත් තිබූ සුදු ජාතිකයාගේ වැටුප මේ උපදේශකවරුන්ගේ වැටුපට වඩා වැඩියි. මහ බැංකුව ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන හෑල්ලුවට ලක් කිරීම යනු මව්බිම හෑල්ලුවට ලක් කිරීමක්. බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ මේ හැමෝම බලයට ආවේ පැරෂූට්වලින් නෙමෙයි. ඒ අය ආවේ ජනතා ඡන්දයෙන්. රාජපක්ෂ යන නාමය නිසා ඡන්දය දෙන්න එපා කියලා කියනවා නම් එය ප්‍රජාතන්ත්‍රවාදයද? බණ්ඩාරනායකවරුන්ට, සේනානායකවරුන්ට බලයේ ඉන්න හොඳයි. රාජප්කෂවරු බලයේ සිටීම සම්බන්ධයෙන් වෛරයෙන් බලන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කළේය.
NDH/HC