අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 25,000ක්

    නොවැම්බර් 01, 2014

    ජනාධිපතිතුමා හැම කෝණයක් ම බලා මෙවර අයවැය සකස් කළ බවත් ජනාධිපතිතුමාගේ දූරදර්ශීභාවය නිසා යුද්ධය අවසන් කිරීමට හැකි වූ බවත් කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.

    කම්කරු ඇමැතිවරයා ලෙස කොස්ලන්ද නායයාමෙන් මියගිය සියලු කම්කරු ජනතාවට මාගේ ශෝකය පුද කරනවා. මංගල සමරවීර මහතා කියූ ජාතික ප්‍රශ්නය විසඳන්න ප්‍රධාන පක්ෂ සියල්ල ම එක් විය යුතුයි. මේ රටේ සිටි සියලු පක්ෂ රට දියුණු කරන්න අවශ්‍ය කටයුතු කර තිබෙනවා වගේ ම අතපසුවීම් ද කර තිබෙනවා. ජනාධිපතිතුමාට අපි ස්තූතිවන්ත වෙන්නේ ඒ අඩු ව පුරවන්න සියලු දෙනා සමඟ ම කතා කර අයවැය සකස් කිරීම නිසා යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    අද රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 25,000ක් වෙනවා. පුද්ගලික අංශයේ පඩිපාලක සභාවට අයත් නොවන සේවකයකුගේ අවම වැටුප රුපියල් 10,000ක් කළා. අර්ථසාධක අරමුදල ක්‍රියාත්මක කළේ ටී.බී. ඉලංගරත්න මහතායි. හුඟක් අය යෝජනා කරනවා. ක්‍රියාත්මක කළේ නැහැ. උතුරු නැගෙනහිර සංවර්ධනය සිදු කිරීමට අත දිගහැර මේ රජය වියදම් කළ බව ද ඔහු පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya