Print this page

ජනතාවට සහන රැසක් ලබාදීමට මේ රජයට හැකි වී තිබෙනවා

නොවැම්බර් 01, 2014

ඡන්දය ගන්න වරදාන පොරොන්දු දීම නිසා අපේ රට අනුන්ගේ යැපෙන්නන් බවට පත් වුණ බවත් මේ තත්ත්වය වෙනස් කිරීමට මහින්ද චින්තනය ඉවහල් වුණ බවත් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.

තවලම්වලින් ගමන් කළ අපේ ගම්වලට කාපට් පාරක් බලන්න කොළඹ එන්න සිදු වුණා. මහින්ද චින්තනය නිසා අපේ ගමට හොඳ පාරවල්, විදුලිය, පාසල් ලැබී තිබෙනවා. පියවරෙන් පියවර ඉදිරියට යමින් ජනතාවට සහන රැසක් ලබාදීමට මේ රජයට හැකි වී තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

NDH/HC