මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙමළ සන්ධානයට අපේ ජනතාව ගැනවත් අය-වැය ගැනවත් කතා කරන්න අයිතියක් නෑ

    නොවැම්බර් 01, 2014

    දෙමළ ජාතික සන්ධානය අහිංසක දෙමළ ජනතාව මුලා කරමින් තම දේශපාලනය කරන බවත් උතුරු පළාත් සභාවට වෙන් කරන මුදල් නිවැරදි ව යොදවන්නේ නැති ඔවුන්ට අපේ ජනතාව ගැනවත් අය-වැය ගැනවත් කතා කරන්න අයිතියක් නැති බව නියෝජ්‍ය කාරක සභා සභාපති චන්ද්‍ර කුමාර් මුරුගේසු මහතා පවසයි.


    නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (31) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ හයවෙනි දින විවාදයට එක්වෙමිනි.

    මීරියබැද්ද විපතට පත් අපගේ ඥාතීන් වෙනුවෙන් ශෝකය පුද කරනවා. ඒ වගේ ම අවදානම් ප්‍රදේශවල පදිංචි අය සුදුසු ස්ථානවල පදිංචි කිරීම අපගේ වගකීමක් බවත් ඔහු කීය.

    යුද්ධය අවසන් කිරීමෙන් පසු ව ඉදිරිපත් කරන 5 වන අය-වැය මෙයයි. යුද්ධයෙන් විපතට පත් ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනයට මෙය ඉතා වැදගත්. ඒ වගේ ම යටිතල පහසුකම් සංවර්ධනය කරමින් පොහොර සහනාධාරය ලබා දීම, වීවලට සහතික මිලක් ඇති කිරීම, පොල් කර්මාන්තයට සහන සැලසීම, කිරි ගොවියා කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත්. උතුරු පළාතේ පෙරපාසල් ගුරුවන්ට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් රුපියල් 3,000ක දීමනාවක් ලබා දුන්නා. අය-වැයෙන් කළ වැඩිකිරීමත් සමඟ ඔවුන්ට රුපියල් 5,500ක දීමනාවක් ලැබෙනවා. යුද්ධයෙන් පසු ව උතුරු පළාතේ සංවර්ධනය සඳහා විශාල මුදලක් වැය කර තිබෙනවා. විශේෂයෙන් ම උතුරු පළාතේ ග්‍රාමීය අංශය ගැනත් රටේ ග්‍රාමීය ආර්ථිකය කෙරෙහිත් වැඩි අවධානයක් යොමු කර ඇති මෙවර අය-වැය සමස්ත ජනතාවට එක සේ සහන සැලසූ අය-වැයක් බව ද ඔහු පැවසීය.

    පසුගිය දිනවල අපේ ජනතාවගෙන් 20,000කට ජනාධිපතිතුමා ඉඩම් ඔප්පු ලබා දුන්නා. එයින් වැඩි ප්‍රමාණයක් දුන්නේ සිංහල ජනතාවට කියලා බොරු මතයක් ගෙන ගියා. දෙමළ ජාතික සන්ධානය සහ උතුරු පළාත් මහ ඇමැතිවරයා ජනතාව නොමඟ යවන්නට හදනවා. දෙමළ ජාතික සන්ධානය අහිංසක දෙමළ ජනතාව මුලා කරමින් තම දේශපාලනය කරනවා. උතුරු පළාත් සභාවට වෙන් කරන මුදල් නිවැරදි ව යොදවන්නේ නැහැ. වත්මන් රජය දෙමළ ජනතාව වෙනුවෙන් විශාල ප්‍රමාණයක් ණය ලබා ගෙන උතුර සංවර්ධනය කරනවා. මේ ණය ගෙවන්නේ උතුරේ ජනතාව විතරක් නෙවෙයි. උතුරේ ජනතාවට ගන්න ණය ගෙවීමට දකුණේ ජනතාවත් දායක වෙනවා. ද්‍රවිඩ ජාතික සන්ධානය ඩයස්පෝරාව සතුටු කරනවා. මේ රට අවුල් වුනොත් විතරයි ඩයස් පෝරාව රැකෙන්නේ. අයවැය ලේඛනය යනු ජාතික ලියවිල්ලක්. අයවැය ලේඛනයකින් සෑම අංශයක් කෙරෙහි ම අවධානය යොමු කරනවා. පළාත් සභාවට වෙන් කරන මුදල්වත් නිවැරදිව වියදම් නොකරන අය කොහොමද අයවැය ගැන කතා කරන්නේ. අපේ ජනතාව ගැන කතා කරන්න අය-වැය ගැන කතා කරන්න දෙමළ ජාතික සන්ධානයට අයිතියක් නැති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya