මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ඉතිහාසයේ ප්‍රකාශ කළ ජනතාවාදී අය-වැයක්

    ඔක්තෝබර් 24, 2014

    ලංකා ඉතිහාසයේ 1947 සිට ඉදිරිපත් කළ අය-වැය අතර මෙවැනි ජනතාවාදී අය-වැය ලේඛනයක් ප්‍රකාශ වී නොතිබුණු බව ජනමාධ්‍ය සහ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා අද (24) පාර්ලිමේන්තුවේදී අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.


    විශේෂයෙන් ජනාධිපතිතුමා රට වටා ගොස් ඒ ඒ අවස්ථාවලින් ලබාගත් යෝජනා අනුව මේ අය-වැය සකස් කළ බවත් ඒ අනුව මෙය නියත ව ම ගොවි-කම්කරුවන්ගේ අය-වැයක් ලෙස හැඳින්විය හැකි බව ද අස්වර් මහතා සඳහන් කළේය.


    මෙම අය-වැයෙන් රාජ්‍ය සේවකයෙකුගේ අඩුම වැටුප ලෙස රුපියල් 2500ක් ලෙස වැඩිවන බවත් මෙම අය-වැය ජනතාවගෙන් කිසිවක් නොගත් ජනතාවට හැකි සියල්ලක් ම ලබා දුන් අය-වැයක් වන බවත් කියා සිටියේය.


    වරිපනම් ලබා නොදී බදු අය නොකර ඉදිරියට ගමන් කරන්නේ කෙසේදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් පෞද්ගලිකව ඇසූ තමන්ට, “ඒවා අපි කරන්නම් දෙන දේ අනිවාර්යෙන් ම දෙනවාමයි“ යනුවෙන් පිළිතුරක් ජනාධිපතිතුමාගෙන් ලැබුණු බවත් අස්වර් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    SDF/HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya