අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැයෙන් සියලු අංශවලට සහන රැසක් Featured

    ඔක්තෝබර් 24, 2014

    පඩි වැඩිවීම්, බදු සහන, පාරිභෝගික භාණ්ඩවල මිල අඩු කිරීම්, ඉතිරි කිරීම් සඳහා ඉහළ පොලී, විශ‍්‍රාමික ප‍්‍රතිලාභ මෙන් ම විවිධ සහනාධාර හා බදු සහන සමඟින් මෙවර අය-වැයෙන් සියලු අංශවලට සහන රැසක් හිමි වී ඇත.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස 2015 අය-වැය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය වසර 10 පුරා ආර්ථික පදනම් සැකසු ආකාරයට බලාපොරොත්තු වූ අභිමතාර්ථයන් වෙත අද රට ශීඝ‍්‍රයෙන් ගමන් කරමින් සිටින බවයි.

     

    මෙය ජනාධිපති රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කළ 10 වැනි අය-වැය හා නිදහසේ සිට මේ දක්වා වු 69 වැනි අය-වැයයි.

     

    අය-වැය හිඟය 2016 වන විට 3.85%කින් ද, 2017 වන විට 3.2%කින්ද පහත හෙළීමට රජය බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

     

    නව අය-වැයට අනුව රාජ්‍ය සේවකයින්ගේ මාසික ආදායම රුපියල් 25,000/- ක් වනු ඇත. ඒ අනුව රාජ්‍ය සේවයේ නියුතුවුවන්ගේ අවම වැටුප රුපියල් 15,000/-ක් වනු ඇත. වැටුපට අමතරව වු මාසික දීමනාද, වැටුපට එකතු කිරිමෙන් එය රුපියල් 25,000/-ක් බවට පත් වනු ඇත.

     

    ආර්ථිකයේ ස්ථාවර වර්ධනයක් සිදුවෙමින් තිබෙන හෙයින් පෞද්ගලික අංශයේ අවම මාසික වැටුප රුපියල් 10,000/-ක් විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය. එයට ඉහළ වැටුප් සඳහා මාසිකව රුපියල් 500/-ක් එකතු වනු ඇත.

     

    සේවක අර්ථසාධක අරමුදල සඳහා සේවා යෝජකයාගේ හා සේවා නියුක්තිකයාගේ දායකත්වය 22% දක්වා ඉහළ නංවමින් ඒ සඳහා සේවායෝජකයාගේ දායකත්වය 14%කින් මෙවර අයවැයෙන් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

     

    විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට, වෛද්‍යවරුන්ට සහ රජයේ නීති ක්ෂේත‍්‍රයේ නිරත වන්නන්ට ද වැටුප් වැඩිවීමක් ලබා දීමට නියමිතය. පළමු පන්තියේ රාජ්‍ය සේවකයින්ට රුපියල් 15,000/-ක වෘත්තීය දීමනාවක් මාසික ව ලබාදීමට යෝජනා කෙරුණි.

     

    2020 වන විට ඒක පුද්ල ආදායම ඇමරිකානු ඩොලර් 7500/- දක්වා වැඩි කර ගැනීමට ශී‍්‍ර ලංකාව ඉලක්ක ගත කර ගෙන සිටින බව ද ඒ තුළින් රට ඉහළ මධ්‍ය ආදායම් ලබන රටක් බවට පත්වනු ඇති බව ද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    ජනතාවගේ සමාජ ආර්ථික තත්වය ඉහළ නැංවීමට හා රටේ සංවර්ධනය වැඩි කිරීමට උපකාරී වන යෝජනා රැසක් මෙවර අය-වැයට අඩංගු වී ඇත.

     

    අධ්‍යාපන, සෞඛ්‍ය හා දිළිඳුකම තුරන් කිරීමේ වැදගත්කම අවධාරණය කළ එතුමා මෙම ඉලක්කය ජය ගැනීමට ප‍්‍රාදේශීය හා පළාත් ආයතන ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද කීය.

     

    දේශීය ව නිෂ්පාදනය කරන කිරිපිටි කිලෝවක මිල රුපියල් 100/-කින් අඩු කිරීමට ද යොජනා විය.

     

    ළදරු කිරිපිටි සහනදායි මිලකට සතොස අලෙවිසැල් වලින් ලබා ගැනීමට පහසුකම සලසා ඇති බව ද එතුමා පැවසීය.

     

    රුවන් පුර මහනුවර හා යාපනය අධිවේගී මාර්ග ඇතුළු අධිවේගි මාර්ග රැසක් 2017 වන විට නිම කිරීමට ද රජය බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා වැඩි දුරටත් කියා සිටියේය.


    අය-වැය යෝජනා සංක්ෂිප්ත වශයෙන් පහත දැක්වේ


    x පෙර පාසල් ගුරුවරියන් සඳහා රුපියල් 2500/-ක දීමනාවක්

     

    x සියලුම ඇඟලුම් කර්මාන්ත ආශි‍්‍රත සේවකයින් සඳහා විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක්

     

    x සියලුම ජනතාව සඳහා පුර්ණ ශාරීරික වෛද්‍ය පරීක්ෂාවක්

     

     

     

    x වල් අලින් විසින් සිදු කරන වගා විනාශයන් සඳහා කරුණාසහගත දීමනාවක්

     

    x වැට් බද්ධ 11% දක්වා අඩු කෙරේ. ගෙවීම් බද්ධ 16% දක්වා සීමා කෙරේ.

     

    x ගෘහස්ථ ජල සැපයුම් සඳහා පළමු එකක 25 දක්වා 10% කින් ගාස්තු අඩු කෙරේ

     

    x ආබාධිතයින් සඳහා රුපියල් 3000/-ක මාසික දීමනාවක් ආබාධිත දරුවන් සඳහා රුපියල් 750/-ක මාසික ප‍්‍රවාහන දීමනාවක්

     

    x විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් වෙනුවෙන් ද්විත්ව පුරවැසි භාවය නැවත ශී‍්‍ර ලංකාවට පැමිණ සේවය කිරීමේ පස් අවුරුදු වීසා ක‍්‍රමයක්

     

    x විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයින් රටට ගෙන එන විදේශ විනිමය ප‍්‍රමාණයෙන් 60% වටිනා ප‍්‍රමාණයක් දක්වා බදු රහිත ව වාහන ආනයනයට බලපත‍්‍ර

     

    x විදෙස්ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් විශේෂ විශ‍්‍රාම සැලසුම් ක‍්‍රමයක්

     

    x පුද්ගලයින් හතර දෙනෙකුට වඩා වැඩි පිරිසක් සිටින පවුල් වෙනුවෙන් වු සමෘද්ධි සහනාධාරය රුපියල් 3000/- දක්වා වැඩි කෙරේ. සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් රුපියල් 2000/- දක්වා ද සාමාජිකයින් තුනකට අඩු පවුල් ඒකක සඳහා රුපියල් 1000/-ක් වශයෙන් ද සහනාධාරය පිරි නැමේ.

     

    x 2015 වසරේ සිට මහපොළ ශිෂ්‍යාධාර මුදල් රුපියල් 4000/- දක්වා ඉහළට

     

    x විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබන විශ්වවිද්‍යාලවලට ඇතුළත් නොවන අඩු ආදායම් ලාභි දරුවන් සඳහා රුපියල් 50,000/-ක ශිෂ්‍යත්වයක්

     

    x වකුගඩු රෝගයෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් මාසික ව රුපියල් 3000/-ක ආධාරයක්

     

    x වත්මන් බදු ක‍්‍රමය වෙනුවට විශේෂ බදු වැඩපිළිවෙළක් වාහන ආනයනකරුවන් වෙනුවෙන්


    priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya