Print this page

දූරදර්ශී නායකත්වයෙන් මේ රටේ ජනතාවට සහන රැසක්

ඔක්තෝබර් 24, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දූරදර්ශී නායකත්වය නිසා මේ රටේ ජනතාවට සහන රැසක් ලබා දීමට මෙවර අය-වැයෙන් හැකි වූ බවත් ඉන් එක් සහනයක් ලෙස විදුලි බිල අඩුකිරීම පෙන්වා දිය හැකි බවත් විදුලිබල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (24) පාර්ලිමේන්තුවේ දී 2015 අය-වැය යෝජනා පිළිබඳ තම අදහස් මාධ්‍ය වෙත දක්වමින් පැවසුවාය.


දකුණු ආසියාවේ පැය විසිහතර පුරා ම විදුලිය ලබා දෙන එක ම රට ශ්‍රී ලංකාව බව පෙන්වා දෙන අමාත්‍යතුමිය විදුලිය පැය විසිහතර පුරා ලබා දීමටත් විදුලි බිල අවම කිරීමටත් විශාල මුදලක් වැය කර නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ආරම්භ කළේ මෙයට වසර කිහිපයකට පෙර බව ද කියා සිටියාය.

සියලු ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් සහන රැසක් ලබා දී ඇති බව පෙන්වා දෙන ඇය සහන නොලබමින් වසර ගණනාවක් පුරා අවධානය යොමු නොකළ අංශ ගණනාවක් සඳහා මෙවර අය-වැයෙන් සහන ලබා දී ඇතැයි ද කීවාය.

NDH/HC/SDF