මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනාත්මක අය-වැයක්

    ඔක්තෝබර් 24, 2014

    මෙවර අයවැය රජය විසින් සිදු කරන ලද සංවර්ධන වැඩපිළිවෙළ ඊයේ, අද සහ හෙට වශයෙන් පැහැදිලි දැක්මක් සහිත ව ඉදිරිපත් කරන ලද සංවර්ධනාත්මක අය-වැයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.


    මෙවර අය-වැයෙන් සෑම අංශයක් කෙරෙහි ම එක සේ අවධානය යොමු කර තිබේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර වකුගඩු හා බෝනොවන රෝග පාලනය සඳහා ද අවධානය යොමු  කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන් ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය ඉලක්ක කර ගෙන ඇති අතර ගොවි ජනතාව කෙරෙහි ද  විශේෂ අවධානයක් ද යොමු  කර තිබෙන බව පවසන අමාත්‍යවරයා මේ අය-වැයෙන් ජනතාවට සහන රැසක් ලබා දී ඇතැයි ද වැඩිදුරටත් පැවසීය.

    NDH/HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya